Colombo Today Local News

ජනපතිගේ ධූරකාලය ගැන නීති විශාරදයෝ මත ගැටුමක !

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට වසර 06ක කාලයක් සියධුරයේ කටයුතු කිරීමට හැකියාව ඇතැයි නීතීපති, ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදී පැවසීය.

මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා එම පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පැවසුවේ 19 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 49 (1) ‘අ’ සහ ‘ආ’ වගන්ති අනුව ධුරය දරන ජනාධිපතිවරයාගේ ධුර කාලය මේ සංශෝධනයට යටත් බවත් ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05 ක් විය යුතු බවත්ය.

2021 වසර දක්වා තමන්ට ජනාධිපතිධුරය දැරීමට බාධාවක් ඇද්ද යන්න පිළිබඳව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්‍ඨාධිකරණයේ මතය විමසීමට කළ ඇයැදුම පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේදී නීතීපතිවරයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතීපති ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතාද මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතාද එසේ කරුණු දක්වමින් පැවසූහ.

2015 ජනවාරි 26 වන දින පොලොන්නරුව තෝපාවැව ක‍්‍රිඩාංගනයේදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවයා “විධායක ජනාධිපතිවරයකුට තියෙන අසීමිත බලතල ඉවත් කරලා පාර්ලිමේන්තුවට වැඩි බලයක් දීලා කටයුතු කිරීමේ කටයුතු මේ දිනවල කර ගෙන යනවා. මම පෙරේදා ඒ සාකච්ඡාවට සහභාගී වෙලා කිව්වා – මගේ නිල කාලයට තියෙනවා අවුරුදු හයක්. මේක අවුරුදු හතරක් කරමුයි කියලා හිටන්. ඒත් ව්‍යවස්ථා විශේෂඥ කමිටුව සහ දේශපාලන නායකයන් අවුරුදු හතරට කැමති වුනේ නැහැ. අවුරුදු හතරකට සැරයක් මැතිවරණයකට යාම රටට හොඳ නැහැ කියල හිටන්. මගේ දැඩි ඉල්ලීම උඩ අවුරුදු හය පහ කරන්න ඒ ගොල්ලෝ කැමති වුනා. දැන් (අවුරුදු) හයෙන් එකක් ඒගොල්ලෝ අඩු කරලා තියෙනවා, පහෙන් ගෙදර යන්න ඒක මගේ ප්‍රතිපත්තිය” ලෙස කියා ඇති බවද ජනාධිපති නීතීඥ මනෝහර සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති මෙම ඇයැදුම අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ, කේ.ටී. චිත‍්‍රසිරි සහ සිසිර ද ආබෲ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල ශ්‍රේෂ්‍යඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බලන ලදී.

ඒ අවස්ථාවේදී නීතීපතිවරයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතීපති ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා කියා සිටියේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා 2015 ජනවාරී මස 08 ජනාධිපතිවරයා ලෙස තේරී පත්වු අතර 2015 ජනවාරී මස 09 වැනිදා ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් බවයි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයේ දිව්රුම් දී ඇත්තේ 19 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතිගත කිරීමට පෙර යයිද ඔහු කියා සිටියේය.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිධුරයට පත්වන පුද්ගලයෙකුට වසර 06 ක කාලයක් සිය ධුරයේ කටයුතු කළ හැකියාව ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයේ දිව්රුම් දීමෙන් පසු අවස්ථාවකදී එම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ බවත් දැනුම් දුන්නේය.

 

Related posts

රාජිතට කොරෝනා

colombotoday

ගාල්ල, බදුල්ල, කුරුණෑගල සහ පුත්තලමේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

Admin

චොකා මල්ලි බන්ධනාගාර රෝහලට

colombotoday

මැතිවරණයට යොදාගත් සියලුම ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණයට

colombotoday

කුරානයක් සමග (හිමිනමක්) මහරගමදී අල්ලා පොලිසියට බාර දෙයි… කුරානය බිම වැටී (හිමිනම) නොසන්සුන් වෙයි…

colombotoday

රජයට ලැබුණු ආදායම් ගිය වසර තුනේදී පිල්ලි ගහලා

colombotoday