Colombo Today Local News

1980 පටන් මුස්ලිම් දරුවන්ගේ පොත්වලින් 99%ක් අන්තවාදීයි | විවිධ රටවල අන්තවාදීන් පළකළ පොතපත පරිශීලනයට නිර්දේශ කර ඇතැයිද අනාවරණයක්

මුස්ලිම් දරුවන්ට ලබා දෙන පෙළපොත්වලට අන්තවාදී අදහස් ඇතුළත් කරන අතරේ ළමයින් සඳහා විවිධ රටවල අන්තවාදීන් පළකළ පොතපත පරිශීලනය කරන ලෙස නිර්දේශ කර ඇතැයිද අනාවරණය වී තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී මේ බව හෙළි වී ඇත. මෙම සාකච්ඡාව සඳහා බුද්ධි නිලධාරීන්ද කැඳවා තිබේ.

දරුවන්ට බැලිය යුතු බවට නිර්දේශ කරන පොත්වලින් සියයට අනූනවයක්ම අන්තවාදීන්ගේ පොත් බව මෙහි දී හෙළි වී ඇත. අන්තවාදයට අනුබල දීම යටතේ රටවලින් මරණ දඬුවමට යටත් කළ අයගේ පොත් පවා බැලීමට නිර්දේශ කර ඇති බවද හෙළි වී තිබේ.

පෙළපොත්වලට විෂය නිර්දේශ ඇතුළත් කරන නිලධාරීන් මණ්ඩලය ප්‍රධාන දේවස්ථාන මගින් පත්කර මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවට යවා ඇති බවද මෙම සාකච්ඡාවේදී අනාවරණය වී ඇත.

1980 පටන් පෙළපොත් සඳහා අන්තවාදී අදහස් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය මේ වනතෙක් සිදු වී ඇතැයිද හෙළි වී තිබේ.

Related posts

අධිභාර පනත් කෙටුම්පතට එරෙහිව සජබ න් පෙත්සමක්

colombotoday

කුරුණෑගල කඩ සාප්පු දින 6 ක් වසා දමයි

colombotoday

මහින්ද අලුත් ජාතික වැඩකට අත ගහයි

colombotoday

අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ශේෂ්ඨාධිකරනයේ පෙත්සමක් ගොනු කරන බව රිෂාඩ් බදියුදීන් කියයි

colombotoday

යුගදනවි යළි යථා තත්ත්වයට

colombotoday

මගේ OIC පත් කලේ නෑ. පොලීසිය දේශපාලනීකරණය කරන්න බෑ. – ජනපති ඉදිරියේ දී ඇමති වීරසේකර සමග ගැටුණු ඇමති

colombotoday