Colombo Today Local News

සංහිදියාවේ ප්‍රගතිය බලන්න නීෂා බිස්වාල් එයි

nisha bizwal

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය මේ සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

ඇය සමග දකුණු ආසියාව භාර නියෝජ්‍ය සහකාර ලේකම් මන්ප්‍රීත් සිං මහතාද දිවයිනට පැමිණීමට නියමිත බවද කියයි.

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පෙර බංග්ලාදේශයේ සංචාරයක නිරත වන ඇය, ත්‍රස්තවාදය හා අන්තවාදී ක්‍රියා පිටුදැකීම වෙනුවෙන් එරට රජය ක්‍රියාත්මක කරන වැඩසටහන් සඳහා ඇමෙරිකානු සහයෝගය එරට රජය සමග සාකච්ඡා කිරීමට නියමිතය.

අමෙරිකානු සහකාර ලේකම්වරිය ඇතුළු පිරිස මෙරට සංචාරය තුළදී රජයේ නියෝජිතයින් දේශපාලන නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එමෙන්ම දෙරට අතර ආර්ථික සහයෝගිතාව ප්‍රජාතන්තවාදී පාලනය සහ ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන්ද කරුණු සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බව තානාපති කාර්යාලය පවසයි.

Related posts

පාසල් දරුවන්ට විකිණීමට ගෙනා බාබුල් කිලෝ 13ක් සමග 5ක් මාට්ටු…

colombotoday

කඩා වැටුනු පස් – ගල් නොදුටු රියදුරා දුම්රිය සිර කර ගනී – උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලබන සතියේ දිවයිනට

colombotoday

අද සිට බස් ගාස්තුව ඉහළට ! සංශෝධිත බස් ගාස්තු ලේඛණය මෙන්න

colombotoday

වැසුණු අධිවේගය යළි ඇරේ

colombotoday

සාලාවේ කුඹුරු වැඩට හමුදාව එයි (PHOTO)

colombotoday