Colombo Today Local News

වැසුණු අධිවේගය යළි ඇරේ

kokmaduwa_highway

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සිට ඉමදූව දක්වා කොටස යළි විවෘත කර තිබේ.

විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩි.සි.දිසානායක මහතා සඳහන් කළේ අද පෙරවරු 10.00ට පමණ මාර්ගය යළි විවෘත කිරීමට පියවර ගත් බවයි.
වර්ෂාව සහ අයහපත් කාලගුණය හේතුවෙන් පස්කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් අද අලුයම සිට කොක්මාදූව පිටවීමේ දොරටුවේ සිට ඉමදූව පිටවීමේ දොරටුව දක්වා කොටස වසා දැමීමට තීරණය කර තිබුණි.

පසුගියදා පැවති අධික වර්ෂාව හේතුවෙන් පස්කඳු කඩා වැටීමේ අවදානම මත මීට පෙර ද එම මාර්ග කොටසේ රථ වාහන ධාවනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.

මෙම මාර්ගය සඳහා ස්ථිර පිළියමක් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව  විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩි.සි.දිසානායක මහතා සඳහන් කළේය.

Related posts

යුද හමුදා සෙබලෙක් ගංජා එක්ක මාට්ටු

colombotoday

“රටක් ලෙස ඉදිරියට යෑමට කැබිනට් වෙනසක් කලා“ – ජනපති

colombotoday

චීන ක්‍රියාකාරකම් සොයා ලංකාව අවට සාගර කලාපය පුරා ඉන්දියානු ඩ්‍රෝන යානා යොදවයි

colombotoday

පාතාල සාමාජික ඌරු ජුවා පොලිස් වෙඩි පහරින් මරු දකී

colombotoday

බෙංගාල බොක්කේ මැග්නිටියුඩ් 5.1 ක භූ චලනයක්

colombotoday

අප්‍රේල් 30 දක්වා කුවේට් රජය විසින් පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

colombotoday