Colombo Today Local NewsHot News

මඩකලපුවේ මංගලාරාම නාහිමියෝ, පන්සලට පිටුපෑ ජනපතිගේ නමට කුළුගෙඩියෙන් තලයි

hd154f

ඊයේ දිනයේ මඩකලපුවේ සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මඩකලපුවේ මංගලාරාම විහාරස්ථානයේ නව විහාර මන්දිරය විවෘත කිරීමට වෙලාවක් නැතැයි පවසා එහි නොපැමිණි බව පවසමින් විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමිපාණන් වහන්සේ විසින් කුළුගෙඩියෙන් ගසා ජනපතිගේ නම සදහන් සමරුඵලකය ගලවා විසිකර ඇත.

සමරු ඵලකය කඩා දමන අවස්ථාවේ දැඩි ආවේගයෙන් අදහස් දැක්වූ නාහිමියෝ “මංගලාරාම විහාරයේ නව බුද්ධ මන්දිරය විවෘත කිරීම සදහා ජනාධිපතිවරයාට ආරාධනා කළත් නොපැමිණි බවත්, එසේ වුවත් ඔහු හත්වතාවත් මඩකලපුවට පැමිණි බව නැගෙනහිර මහඇමතිවරයා උදම් අනන බවත්, වෙනම ඉඩම් බලතල, පොලිස් බලතල ඔවුන්ට දෙන බවට අනියමින් පොරොන්දු වූ ජාතිවාදීන්ටම කත් අදින ජනාධිපතිවරයා ඇතුළු නායකයින්ගේ පහත් ක්‍රියාකාළාපයට සිංහල ජාතියක් වශයෙන් ලැජ්ජාවිය යුතු නිසා ජනපතිවරයාගේ නමවත් පන්සලේ තබා ගැනීමට සුදුසු නොවන බව පවසා සිටියා.

උන්වහන්සේ පවසන්නේ රටේ නායකයා වශයෙන් ජනාධිපතිවරයාට මඩකලපුවේ එකම පන්සලටවත් පැමිණීමට නොහැකිනම්, ඔහුගේ නම පන්සලේ ගසාගෙන සිටීමෙන් පළක් නොවන බවයි.


Related posts

කොටස් වෙළෙඳපොළ ඒකක 99.49කින් ඉහළට

Admin

එල්ලා මැරිය යුතු තවත් පිරිසක් ගැන ජනපති කියයි…

colombotoday

ලබන මාසයේදී ඉන්ධන කෝටාව වෙනස් වෙයි

Admin

බස් ධාවනය නොවිමෙන් මගිහූ යකා නටති. – හැටන් බස් නැවතුම්පොලේ පාලනය මගින් අතට.

colombotoday

පැරෂුට් ක්‍රමයට වී වගා කරන ගොවීන්ට 75%ක සහනාධාරයක්..

Admin

ඥානසාර හිමිට එරෙහිව දැවැන්ත කුමන්ත්‍රණයක්

colombotoday