World

ලොව ධනවත්ම යාචකයා

ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවේ මුම්බායි නගරයේ හිඟා කන අයුරු දැක බලා ගත හැකි බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දී ඇත. යාචකයන් ලෙස කටයුතු කරන්නේ දුගීභාවයෙන් මහත් පීඩාවට පත් ආර්ථික අපහසුතා වලින් යුත් පුද්ගලයන්ය.

නමුත් ඇතැම් පුද්ගලයන් හිඟා කෑම ලාභදායී වෘත්තියක් බවට පත් කර ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දී තිබේ. ඉකෝනොමික් ටයිම්ස් සඟරාවට අනුව භාරත් ජේන් ලොව ධනවත්ම යාචකයා වෙයි. ඔහු මුම්බායි නගරය පදනම් කරගනිමින් තම රැකියාවේ නිරත වන බව ඉකොනොමික් ටයිම්ස් සඟරාව පෙන්වා දී තිබේ.

ඔහුගේ දළ වත්කම ඉන්දියානු රුපියල් කෝටි 7.5ක්(ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 28 ක්) වන බවත් මාසික ආදායම ඉන්දීය රුපියල් 60000 ත් 75000ත් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 2 ක්) අතර වන බවත් ඉකොනොමික් ටයිම්ස් සඟරාව සඳහන් කර ඇත.

එසේම භාරත් ජේන්ට ඉන්දියානු රුපියල් කෝටි 1.2ක මහල් නිවාසයක් ද, මසකට ඉන්දීය රුපියල් 30000ක කුලියක් ගෙවනා ව්‍යාපාරික ස්ථාන දෙකක්ද තිබෙන බව ඉකොනොමික් ටයිම්ස් සඟරාව පෙන්වා දී තිබේ.

ධනවත් පුද්ගලයෙකු වීමෙන් පසුවත් ජේන් හිඟා කෑම නවතා නොමැති බවත් ඔහු දිනකට පැය 10-12 අතර කාලයක් හිඟා කෑමෙන් ඉන්දීය රුපියල් 2000 ත් 2500 ත් අතර ප්‍රමාණයක් උපයන බවත් ඉකොනොමික් ටයිම්ස් සඟරාව සඳහන් කර ඇත.

Related posts

අපරාධකරුවන් මර්දනයට රෝබෝවරු යොදාගන්න යෝජනාවක්

Admin

ලොව විශාලම ඛනිජ තෙල් සැපයුම් පහසුකම් මධ්‍යස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක්

colombotoday

ප්‍රංශයේ නව රැඩිකල් විරෝධී නීතිය මුස්ලිම් විරෝධී බව පවසමින් විරෝධතා

colombotoday

කොවැක්සින් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

colombotoday

තලෙයිබාන් ප්‍රහාර හමුවේ ඇෆ්ගනිස්ථාන හමුදාවන් පළා යයි – නගරයෙන් නගරයට සටන්කාමින් සිය බලය අල්ලා ගනී

colombotoday

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් ශකර්බර්ග් බුදු හිමි පාමුළ දී ලෝකයට සාමය පතයි !

colombotoday