extremism & terrorism activitiesWorld

ප්‍රංශයේ නව රැඩිකල් විරෝධී නීතිය මුස්ලිම් විරෝධී බව පවසමින් විරෝධතා

ආගමික නිදහස පාගා දැමිය හැකි බවත්, සියලු මුස්ලිම්වරුන් සැකකරුවන් බවට පත් කළ හැකි බවත් පවසමින් ප්‍රංශයේ ඉස්ලාමීය අන්තවාදය මුලිනුපුටා දැමීමේ පනත අත්හරින ලෙස රජයෙන් ඉල්ලා සිටිමින් එරට මුස්ලිම් ජනතාව විරෝධතාවක් ඊයේ (14) සංවිධානය කර තිබිණි.

පාර්ලිමේන්තුවේ සභා දෙකේම අනුමැතිය දිනා ගැනීමට අපේක්ෂා කරන කෙටුම්පත් නීතිය සම්බන්ධයෙන් ප්‍රංශ නීති සම්පාදකයින් අඟහරුවාදා දින ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව ඇත. මෙම නව පනත විවාදයට පැමිණෙන්නේ ඉස්ලාමීය රැඩිකල්වාදියෙකු විසින් ඉතිහාස ගුරුවරයෙකුගේ හිස ගසා මරා දැමීමෙන් පසුව සහ මෑතදී එල්ල වූ වෙනත් ප්‍රහාරවලින් පසුව අන්තවාදී ප්‍රචණ්ඩත්වය පිළිබඳ ප්‍රංශයේ ඇතිවී තිබෙන භීතිය මධ්‍යයේ ය.

ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ රජය තර්ක කරන්නේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ලෞකිකත්වය වැනි ප්‍රංශ සාරධර්ම ආරක්ෂා කිරීමටත්, රැඩිකල් අදහස් මුල් බැසගෙන ප්‍රචණ්ඩත්වයට පොළඹවා ගැනීම වැලක්වීමට මෙම පනත අවශ්‍ය බවත්ය.

නමුත් ඉරිදා විරෝධතාවයේ යෙදී සිටි අය කියා සිටියේ ප්‍රංශයට මේ සඳහා දැනටමත් නීතිමය ප්‍රතිපාදන ඇති බවත්, ප්‍රංශ මුස්ලිම්වරුන්ගෙන් බහුතරයක් අන්තවාදී අදහස් නොතකා මෙම පනත මගින් ඉස්ලාම් ආගමට අපකීර්තියක් ඇති කරන බවත්ය.

එය ලබන වසරේ ජනාධිපතිවරණයට පෙර ගතානුගතික හා අන්ත දක්ෂිනාංශික ඡන්දදායකයින් දිනා ගැනීම සඳහා මැක්‍රොන් කළ දේශපාලන උපක්‍රමයක් ලෙස ද විරෝධතාකරුවන් විස්තර කළහ.

පැරිසියේ උපනගරයක් වන කොන්ෆ්ලන්ස්-සෙන්ට්-හොනොරින්හි කාන්තාවක් වන සෙයිනෙබ් බුවබිඩි පැවසුවේ, “නබිතුමාගේ පන්ති විකට රූප පෙන්වීමෙන් පසු ගුරුවරයා සැමුවෙල් පැටිගේ හිස ගසා මරා දැමූ බවයි.

ඇගේ අරාබි ශබ්දයේ නම නිසා වරින් වර විශ්ව විද්‍යාලයේදී සහ ඇයගේ රැකියාවන්හි වෙනස්කම් කිරීම් වලට මුහුණ දෙන බව බුවාබිඩි විස්තර කළ අතර, මෙවැනි නීති මගින් තත්වය වඩාත් නරක අතට හැරෙනු ඇතැයි තමන් බිය වන බව පැවසීය.

“ඔවුන් ඔබේ රටට ආපසු යන්න” වැනි අදහස් දක්වයි. නමුත් මම සිටින්නේ මගේ රටේ! මම ඉපදුණේ ප්‍රංශයේ.

රජය අවධාරනය කරන්නේ මෙම පනත මුස්ලිම්වරුන් ඉලක්ක නොකරන බවයි. කන්‍යාභාවය පිළිබඳ සහතික නිකුත් කිරීම, බහු විවාහය හා බලහත්කාරයෙන් විවාහ වීම නතර කිරීමට පනත අවශ්‍ය බව සඳහන් කරයි. තුන් හැවිරිදි සහ ඊට වැඩි වයසේ ළමයින් පාසැලේ සිටිය යුතු යැයි ඉල්ලා සිටීමෙන් මූලධර්මවාදී ඉගැන්වීම් මැඩපවත්වන අතර මුස්ලිම් පල්ලි සහ ආගමික සංගම්වල අරමුදල් සහ ක්‍රියාකාරිත්වය පිළිබඳ නීති ද දැඩි කරනු ඇත.

Related posts

‘දෙමළ කතාකරන අයගේ හිත රිදෙනවා.. බෞද්ධ විහාර එපා‘ – නැගෙනහිර සභාවට යෝජනාවක්

colombotoday

ෂී ජින් පින් සහ ජෝ බයිඩන් අතර විශේෂිත හමුවක්

Admin

මුස්ලිම් පාසලකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

colombotoday

මැලේසියාවේ හිටපු අගමැතිට වසර 12ක සිර දඬුවමක්

colombotoday

මිනිස් මොළයකින් පරපෝෂිත වටපණුවෙක් හමුවෙයි

Admin

වෛද්‍යවරුන්ට අහසින් යන්න ක්‍රමයක් : පරීක්ෂණය සාර්ථක වන ලකුණු

colombotoday