World

කොවැක්සින් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය විසින් නිපදවන කොවැක්සින් කොවිඩ් මර්දන එන්නත, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිතයට අනුමත කොවිඩ් මර්දන එන්නත ලැයිස්තුව වෙත ඇතුළත් කර තිබේ.

එම එන්නත ඉකුත් ජනවාරි මාසයේදී ඉන්දියාව තුළ භාවිතයට අනුමත කළේ තුන්වන අදියරේ සායනික අත්හදාබැලීම් සිදුකෙරෙමින් පවතින අතරතුරය.

ඒ හේතුවෙන් ඉන්දියාව ගත් තීරණය විවේචනයට ලක්වූ අතර බොහෝ පාර්ශ්වයන්ගේ ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළේය.

කොවැක්සින් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබාගැනීම සඳහා අයඳුම් කළේ ඉකුත් ජූලි මාසයේදීය.

එම සංවිධානයේ විශේෂඥ මඩුල්ලක් විසින් එන්නත ගැන තවදුරටත් දත්ත ඉල්ලා සිටීම නිසා අවසන් තීරණය ලබාදීම මේ වන තුරු කල් ගියේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය එම අනුමැතිය ලබාදුන්නේ කොවැක්සින් එන්නතේ අවාසිවලට වඩා වාසි වැඩි බව පවසමිනි.

එම එන්නත වෛරසයට එරෙහිව 78%ක ඵලදායිතාවක් පෙන්නුම් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

Related posts

පලස්තීන දේශසීමාවේ ප්‍රරෝපකාරී ගැටුම් දරුණු අතට

colombotoday

කොරෝනා රෝගීන් සිටි රෝහලක් පිපිරවීමට සැලසුම් කළ පුද්ගලයෙකු වෙඩි තබා මරා දමයි

colombotoday

කොවිඩ් නව ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය මැද එංගලන්තය 3වන වරටත් වසාදැමේ

colombotoday

ජගත් ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි

Admin

F-35 ප්‍රහාරක ජෙට් යානා ගැන සැකයක්… භාරගැනීම අත්හිටුවයි

colombotoday

වසර තුනක් චීනයේ අත්අඩංගුවේ සිටි ඕස්ට්‍රේලියානු නිවේදිකාව නිදහස්

Admin