World

ලොව විශාලම ඛනිජ තෙල් සැපයුම් පහසුකම් මධ්‍යස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක්

යේමනයේ හූති සටන්කරුවන් විසින් සෞදි අරාබියේ ඛනිජ තෙල් නිෂ්පාදන මර්මස්ථානය ලෙස සැලකෙන රාස් ටෙනුරා හි පිහිටි “සෞදි ඇරම්කො” මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ලකර තිබේ.

ඩ්‍රෝන සහ මිසයිල යොදාගෙන එම ප්‍රහාර එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

එම ප්‍රහාර එල්ල කොට ඇත්තේ ලෝක ඛනිජ තෙල් සැපයුමට බාධා කිරීමට බව ද අනුමාන කෙරේ.

නමුත් එම ප්‍රහාර හේතුවෙන් රාස් ටෙනුරා හි පිහිටි ගබඩා සංකීර්ණයට හෝ එහි අනෙක් දේපල වලට හෝ සේවකයින්ට හානියක් නොවූ බව සෞදි බලශක්ති අමාත්‍යංශය පැවසීය.

ගබඩා සංකීර්ණයට අමතරව ඛනිජ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් සහ ලොව විශාලම ඛනිජ තෙල් සැපයුම් පහසුකම් මධ්‍යස්ථානය එහි ස්ථාපිත කර තිබේ.

Related posts

ටයිටන් පිපිරීම ගැන අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විශේෂ විමර්ශනයක් අරඹයි

Admin

වයස 92යි.. සංවර්ධනයේ නියමුවා, මහතීර් මොහොමඩ් නැවතත් මැලේසියාවේ නායකත්වයට

colombotoday

වැඩ පෙන්නන්න ගොස් ඉල්ලන් කන ISIS සාමාජිකයා

colombotoday

මුස්ලිම් කණ්ඩායමක් පකිස්ථානයේ ක්‍රිස්තියානි ගමකට පහර දී කොල්ල කති. කාන්තාවන්ටත් අඩත්තේට්ටම් කරලා.

colombotoday

එන්නත කෙරෙහි පමණක් විශ්වාසය තැබීම බරපතළ වරදක්

colombotoday

පාකිස්තාන මීලඟ අගමැති ධූරය කාටද?

Admin