Colombo Today Local NewsHot NewsUncategorized

යුධ අපරාධ චෝදනාවට ෆොන්සේකාගෙන් තල්ලුවක් ! හමුදාව රෝහලකට පහරදුන් බව දෙමළ රූපවාහිනියකට කියයි.

IBC-Interviewපුදුකුඩිරිප්පුවේ යුධ මුක්ත කළාපයක් ලෙස නම්කර තිබූ ප්‍රදේශයක පිහිටි රෝහලක් යුධ හමුදාවේ බර අවි ප්‍රහාරයකට ගොදුරු වූ බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි. IBC නම් දෙමළ රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශක් ලබා දෙමින් ඔහු මේ බව පවසා ඇත. එය අත්වැරදීමකින් සිදු වූවත් බවත් එම ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට බොහෝ දුරට එම රෝහල තුළ සිවිල් වැසියන් නොසිටින්නට ඇති බවත් ඔහු පවසා තිබේ.

එම ප්‍රහාරය අත්වැරදිමකින් සිදු වූ බව ඔහු ප්‍රකාශ කළත්, යුධ මුක්ත කළාපයකට බර අවිවලින් පහර දිමට කටයුතු නොකළ බවට රජය කළ ප්‍රකාශය ෆොන්සේකාගේ ප්‍රකාශය තුළින් අභියෝගයට ලක් වන අතර හමුදාවට එරෙහිව යුධ අපරාධ චෝදනා ගොණු කිරීම සහදහා එම ප්‍රකාශය තවත් හේතු සාධයක් වනවා නොඅනුමානය. ජාත්‍යන්තර සම්මුතීන් අනුව රෝහලකට පහර දීම යුධ අපරාධයක් සේ සැළකෙයි. කෙසේ වෙතත් යුධ අපරාධ සිදුවී ඇතිනම් එහි වගකීම තමන් භාර ගැනීමට සූදානම් බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

2009 මැයි 19 වැනිදා  සුදුකොඩි ගෙන ශ්‍රී ලංකා හමුදාවට භාරවීමට පැමිණියායි කියන කොටි සංවිධානයේ දේශපාලන අංශ නායක බී.නඩේසන් සහ එස්.පුලිතේවන් ඇතුළු පිරිසකට වෙඩි තැබීම යුධ අපරාධයක් ලෙස හදුන්වා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ පිළිබද ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විමට නිර්දේශ කර ඇත. එම පරීක්ෂණය අනිවාර්යෙන්ම ජාත්‍යන්තර මැදිහත්වීමෙන් පැවැත්විය යුතු බව හිටපු හමුදාපතිවරයා එහදී ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සිවිල් වැසියන් හතලිස්දාහක් ඝාතනය කළ බවට එක්සත් ජාතීන්ගේ වාර්තාව හා නවනීතන් පිල්ලේ විසින් නගන චෝදනාව තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව සදහන් කරන හිටපු හමුදාපතිවරයා තමන් හමුදාපති ධූරය දරන සමයේ හමුදාව අතින් සිවිල් වැසියන් ඝාතනය නොවූ බවත්, නමුත් හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම ඇතිව නිල නොවන සන්නද්ධ කල්ලි ක්‍රියාත්මක වූ බවට චෝදනා කර ඇත.

ශ්‍රී ලංකා හමුදාව විසින් රහසිගත කදවුරු පවත්වාගෙන ගිය බවට එක්සත් ජතින්ගේ සංවිධානය සහ මානව හිමිකම් සංවිධානවලින් එල්ල වූ චෝදනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර අගමැතිවරයාගේ ප්‍රකාශය අභියෝගයට ලක් කරමින් සරත් ෆොන්සේකා විසින් පවසා ඇත්තේ යුධ හමුදාව විසින් රහසිගත යුධ කදවුරු පවත්වාගෙන ගිය බවයි.  උතුරේ දියත් කළ යුද්ධයේදී ශ්‍රී ලංකා රජයේ හමුදාව විසින් කලැයි කියන යුධ අපරාධ පිළිබදව පිළිගත හැකි සාක්ෂි තිබේනම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට තමන් එකග වන බවද ඔහු එම රූපවාහිනී නාළිකාව සමග වැඩි දුරටත් පවසා තිබේ.

Related posts

ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය : නාමල් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස්

Admin

“අපි බුද්ධාගම, ඒකීය රාජ්‍යය රකින්නයි හදන්නේ“ – හෙළ උරුමය

colombotoday

එප්පාවල පෙම්වතියගේ නිවසට පැමිණි නාවික සෙබළාට කොවිඩ්

colombotoday

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 3කට අධිචෝදනා – විදෙස් ගමන් තහනම්

colombotoday

ආණ්‌ඩුවේ මහබැංකු වංචාව අතේ පත්තුවෙලා.. ඒක වහගන්න ඉහෙන් කනින් දාඩිය පෙරාගෙන දැන් වලිකනවා

colombotoday

අගමැති මල්වතු අස්ගිරි මහා නාහිමියන් බැහැ දකී (Video)

colombotoday