Colombo Today Local News

ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය : නාමල් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස්

ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙක්, සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලබාදුන් සා්ක්ෂි අධිකරණයට පිළිගත නොහැකි, විශ්වාසයෙන් තොර සාක්ෂි බවත් අධිකරණය සලකා බලන්නේ විත්තිකරුවන්ගේ තරාතිරම නොව ඔවුන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා සනාථ කළ හැකි සාක්ෂි පමණක් බව ද අධිකරණය හමුවේ පෙන්වා දුන් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් අද (02)දින එම නියෝගය ලබා දී ඇත.

එමෙන්ම මේ වනවිට අධිකරණය මඟහැර ගොස් සිටින එම නඩුවේ දෙවැනි විත්තිකරු වන ප්‍රභාත් කරුණාජීව මහතාට සහ එම නඩුවේ සිව්වන විත්තිකාරියට පනවා ඇති විදෙස් ගමන් තහනම වහාම ඉවත් කරන ලෙස ද විනිසුරුවරයා මෙහිදී දැනුම් දී ඇත.

එමෙන්ම ප්‍රභාත් කරුණාජීව මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති විවෘත වරෙන්තු ආපසු කැඳවීමට විනිසුරුවරයා නියෝග කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටිය දී අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි නාමල් රාජපක්ෂ මහතාට චෝදනාව එල්ල වී තිබුණි.

Related posts

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 7ක මිල සතොස පහත දමයි

Admin

ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට වහාම ධුරවලින් ඉල්ලා අස්වෙන්නැයි ජනපති දන්වයි…

colombotoday

ශ්‍රී ලාංකික පර්යේෂිකාවක් අධි තාක්ෂණියෙන් යුතු ත්‍රිත්ව ලෝහ වෙඩි නොවදින නව ඇඳුමක් නිර්මාණය කරයි.

colombotoday

ආයෝජන හා අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ඕස්ට්‍රේලියාවේ සහාය

colombotoday

උදයංග ගේන්න ඩුබායි ගිය පිරිස හිස් අතින් ආපසු එයි

colombotoday

ඉන්ධන පිරවුම්හලක් ගිනිගනී.. නුවර පාර අවහිර වෙයි (Video)

colombotoday