Colombo Today Local News

අගමැති මල්වතු අස්ගිරි මහා නාහිමියන් බැහැ දකී (Video)

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ අද (23) උදෑසන මහනුවරදි මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දුටුවා.

එහිදි මහ නාහිමිවරුන් ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, අග‍්‍රාමාත්‍යවරයාට ලිපි දෙකක්ද ලබාදී තිබෙනවා.
අස්ගිරි පාර්ශවයේ ප‍්‍රධාන ලේඛකාධිකාරි පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පැවසුවේ අස්ගිරි නාහිමියන් මෙහිදි අග‍්‍රාමාත්‍යවරයාට ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියට අදාල ලිපියක් භාරදුන් බවයි.

අනතුරුව අග‍්‍රාමාත්‍යවරයා මල්වතු විහාරයේදි මල්වතු පාර්ශවයේ මහානායක අති පුජ්‍ය තිබ්බොටුවාවේ ශ‍්‍රි සුමංගල නාහිමියන් බැහැදුටුවා.
එහිදි මල්වතු නාහිමියන්ද අග‍්‍රාමාත්‍යවරයාට ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය පිළිබඳ කරුණු ඇතුලත් ලිපියක් භාරදි තිබෙනවා.
සහල් මිල ඉහළ යෑම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

පසුව අගමැති රනිල් වික්‍රමසිංහගෙන් මාධ්‍ය වේදින් අදාළ හමුව සම්බන්ධයෙන්, ප්‍රශ්න කලා. එහිදි අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේ,
මහ නායක හිමි මට “බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි ” යනුවෙන් පැවසූ බවයි.

Related posts

කෘෂිකර්ම ඇමති CIDයට යයි

colombotoday

ඉන්දීය යුද හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නරවානේ හෙට මෙරටට

colombotoday

පෙරළියක පෙරනිමිති පෙනේ ! නියෝජ්‍ය, රාජ්‍ය ඇමති 08ක් මහින්දගේ නිවසේ !

colombotoday

ජනපතිගේ ප්‍රධාන උපදේශක ශිරාල් සජිත්ගේ සහයට එක්වෙයි !

colombotoday

අපේ රටේ තියන ප්‍රශ්න හැම රටකම තියනවා.. සමාජ මාධ්‍යවලට ඒව පේන්නෑ – ජනපති කියයි

colombotoday

අමාත්‍යාංශ ලේකම්වරු තිදෙනෙක් යළි පත්කරයි

colombotoday