Colombo Today Local News

උතුරේ නැවතත් ප්‍රචන්ඩ ක්‍රියා ඉහළ යෑමට හේතුව ආරක්ෂක අංශ අනාවරණය කරයි !

උතුරේ විටින් විට සිදුවන ප්‍රචණ්‌ඩ ක්‍රියා ඉහළ යමින් තිබෙන්නේ විදේශගත කොටි ඩයස්‌පෝරාවේ කුමන්ත්‍රණයකට අනුව බවට ආරක්‌ෂක අංශවලට තොරතුරු ලැබී තිබේ.

එල්.ටී.ටී.ඊ. ය පරාජයට පත්ව යුද්ධය නිමා වීමත් සමඟ ඉකුත් අටවසර තුළ කොටි ඩයස්‌පෝරාවේ අරමුදල් රැස්‌ කිරීමේ ජාලය දැඩි ලෙස අඩාල වී තිබිණි.

යුද්ධයේ නිමාවත් සමග එල්.ටී.ටී.ඊ. යද අවසන් වූ නිසා විදේශගතව ජීවත්වන දෙමළ ජනතාව කොටි ඩයස්‌පෝරාවට මුදල් ලබා දීම ප්‍රතික්‌ෂේaප කිරීම එයට හේතුව විය.

එහෙත් උතුරේ යළි ප්‍රචණ්‌ඩ ක්‍රියා ආරම්භ වීමත් සමග මේ වන විට එල්ටීටීඊ ඩයස්‌පෝරාවේ අරමුදල් රැස්‌කිරීමේ කටයුතු ශීඝ්‍රයෙන් ඉහළ ගොස්‌ ඇතැයි විදේශගත දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ පවසති. උතුරේ ප්‍රචණ්‌ඩ ක්‍රියාවලට හිටපු කොටි ත්‍රස්‌තවාදීන්a සම්බන්ධ වීමත් සමග මෙම තත්ත්වය තව තවත් වර්ධනය වී තිබේ.

කොටි ඩයස්‌පෝරාවට සෘජුවම සම්බන්ධ දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රීවරයකුගේ සොහොයුරකු ස්‌විට්‌සර්ලන්තයේ සිට පවත්වාගෙන යනු ලබන ‘ලංකා ශ්‍රී’ නමැති වෙබ් අඩවිය මගින් ද පසුගිය දිනවල එල්ටීටීඊ ය උතුරෙන් යළි හිස ඔසවන බව සඳහන් කරමින් විශාල ප්‍රචාරයක්‌ ගෙන ගොස්‌ ඇත.

උතුරේ ප්‍රචණ්‌ඩ ක්‍රියාවලට හිටපු කොටි ත්‍රස්‌තවාදීන් සම්බන්ධ වෙමින් හිටිහැටියේ එහි වර්ධනයක්‌ සිදු වූයේ එකී වෙබ් අඩවිය මගින් ගෙන ගිය එල්ටීටීඊ ය යළි හිස ඔසවන බව වූ ප්‍රචාරයත් සමග බවද හෙළි වී තිබේ.

එල්ටීටීඊයේ පරාජයත් සමග දැඩි කඩා වැටීමකට ලක්‌ වූ කොටින්ගේ අරමුදල් රැස්‌ කිරීමේ ජාලය යළි ශක්‌තිමත් කිරීම සඳහා කොටින්ට යළි පණ දී මෙරට යළිත් ප්‍රචණ්‌ඩකාරී වාතාවරණයක්‌ ඇති කිරීමට එල්ටීටීඊ ඩයස්‌පෝරාව විශාල උත්සාහයක්‌ දරන බව ආරක්‌ෂක බුද්ධි අංශ මගින් ද අනාවරණය කරගෙන තිබිණි.

පසුගිය කාලයේ විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට ආරක්‌ෂක උපදේශකයන් ලෙස පත්ව ආ ත්‍රිවිධ හමුදා නිලධාරීන් එල්ටීටීඊයේ අරමුදල් රැස්‌ කිරීමේ ජලයට දැඩි ලෙස ප්‍රහාර එල්ල කළද මේ වන විට එම කටයුතුද අඩපණ වී තිබීම අරමුදල් රැස්‌ කිරීමේ වර්ධනයක්‌ ඇති වීමට සහ කොටි ඩයස්‌පෝරාවේ සැලසුම් ශක්‌තිමත් වීමට හේතු වී ඇතැයි විදේශගත ශ්‍රී ලාංකිකයෝ පෙන්වා දෙති.

මේ අතර ඉකුත් යුද සමයේ එල්ටීටීඊයට එරෙහිව යුද හමුදාව සමග එක්‌ව කටයුතු කළ කරුණා පාර්ශ්වයේ ප්‍රබල සාමාජිකයකු මීට සති තුනකට පමණ ඉහතදී රැකියාවක්‌ සඳහා කටාර් රාජ්‍යයට ගොස්‌ සිටියදී කටාර්හි සිටින කොටි සාමාජිකයන් ඔහු හඳුනාගෙන තියුණු අවිවලින් පහර දී කපා කොටා බරපතළ තුවාල සිදුකිරීම නිසා පසුගියදා ඔහු ජීවිතය බේරාගෙන යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

– සමන් ගමගේ

Related posts

මාතලේ කොරොනා රොගින් දහසකට ප්‍රථිකාර ලබාදිමට සුදුසු මධ්‍යස්ථාන හමුදාව සාදා අවසන්.

colombotoday

කුකුළු මස්, බිත්තර සහ මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළට

Admin

පිස්සු හුටංලා එක්වී රේගුවට කරනා විනේ

colombotoday

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

කොවිඩ් මුස්ලිම් මරණයක සිරුරක් මහනුවර රෝහලේ ශීතාගාරයේ තබයි. සේවකයන් වර්ජනයක.මළසිරුරු මෘත ශරීරාගාරයේ ගොඩ ගැසෙයි.

colombotoday

“එතෙක් මෙතෙක් ආ වැඩිම සෙනග ශ්‍රීලනිප සමුළුවටයි.. ලක්ෂ පහක් ආවා” – එස් බී

colombotoday