Colombo Today Local News

කුකුළු මස්, බිත්තර සහ මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළට

කුකුළු මස්, බිත්තර සහ මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රුපියල් 1,000ත් 1,100ත් අතර පැවති කුකුළු මස් කිලෝවක මිල මේ වන විට රුපියල් 1,500ත් 1,600ත් අතර වන බව පාරිභොගිකයින් සඳහන් කරයි.

ඊට සමගාමීව වෙළෙඳපොළේ මාළු මිල ගණන්ද ඉහළ අගයක් ගෙන ඇති අතර අද (30) දිනයේදී පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ඇතැම් මාළු වර්ගවල මිල ගණන් රුපියල් 2,000කට ආසන්න අගයක් ගෙන තිබේ.

බිත්තර සඳහා පාලන මිලක් පැවතියද වෙළෙඳපොළේ තවදුරටත් සුදු බිත්තර අලෙවි වන්නේ රුපියල් 55කට ආසන්න මිලකට බව සඳහන්ය.

එමෙන්ම රතු බිත්තරයක් වෙළෙඳපොළේ අලෙවි වන්නේ රුපියල් 60කට වැනි මිලකට බව පාරිභෝගිකයින් සඳහන් කළේය.

Related posts

අනුරාධපුර සමයට අයත් මඩකලපුවේ තිබූ විශාලම ස්තූපයත් ඩෝසර් කරලා?

colombotoday

චීන ක්‍රියාකාරකම් සොයා ලංකාව අවට සාගර කලාපය පුරා ඉන්දියානු ඩ්‍රෝන යානා යොදවයි

colombotoday

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

colombotoday

වත්තල ගබඩාවකට රිංගා ලක්ෂ 10ට අධික භාණ්ඩ සොරා ගත් අයෙක් දැලේ…

Admin

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් රැඳවියන් 5ක් පනී

colombotoday

ජනපතිට සහ අගමැතිට බැසිල්ගෙන් යෝජනාවක්

colombotoday