Colombo Today Local News

වත්තල ගබඩාවකට රිංගා ලක්ෂ 10ට අධික භාණ්ඩ සොරා ගත් අයෙක් දැලේ…

වත්තල මීගමුව මාර්ගයේ පිහිටි විදුලි උපකරණ අලුත්වැඩියා කිරීමේ ආයතනයක ගබඩාවක් බිඳ රුපියල් ලක්ෂ 10ට අධික වටිනා රූපවාහිණී, ලැප්ටොප් හා ශිතකරණ ඇතුලු උපකරණ රැසක් සොරාගත් සැකකරුවෙක් අද (10)දින වත්තල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු තවත් පුද්ගලයකු සමග එක්ව ඉකුත් (22) දින සිට වරින් වර එම ගබඩාවට ඉහළ මහලෙන් ඇතුළු වී එහි තිබු රූපවාහිණී යන්ත්‍ර 6ක්, ලප්ටොප් පරිගණක 4ක්, කුඩා ශිතකරණ 4ක්, වතුර මෝටර් 4ක් ඇතුලු දේපළ සොරාගෙන ගොස් ඇති බවට ඊයේ (9)දින වත්තල පොලිසියට පැමිණිලි ලැබී ඇත.

මෙම පැමිණිල්ල අනුව පොලිසිය ප්‍රදේශයේ ගෙවල් බිදුම් වල නිරත සිටි පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී මෙම සියලු තොරතුරු හෙළි කරගෙන ඇත.

සැකකරු වත්තල ප්‍රදේහයේ පදිංචි (42) හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහුගේ නිවසේ තිබී ඉහත ගබඩාවෙන් සොරාගත් රූපවාහිණී යන්ත්‍ර 4ක් හා ශිතකරන 4ක් පොලිසිය මගින් සොයාගන ඇත.

Related posts

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

colombotoday

මැයි 09 ගහපු අය ආරක්ෂා කරන්න ඕනි. – ජනතා විමුක්ති පෙරමුණ

colombotoday

කළුබෝවිල රෝහලේ රෝගියෙක් සිවුවැනි මහලින් බිමට වැටී ජීවිතක්ෂයට

Admin

ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

colombotoday

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

colombotoday

අගමැතිට මාධ්‍ය භීතිකාව වැළදිලා.. මාධ්‍යවේදීන්ට බල්ලා, ගෙම්බා, රීරියකා කියනවා… මේකද මාධ්‍යට දුන්නු අපමණ අගය

colombotoday