Colombo Today Local News

කළුබෝවිල රෝහලේ රෝගියෙක් සිවුවැනි මහලින් බිමට වැටී ජීවිතක්ෂයට

කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු සිව් වන මහලෙන් බිමට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ගෝනපොල කන්දෙවත්ත අංක 257 / B හී පදිංචි කුරුප්පු අච්චිගේ චන්ද්‍රසෝම නමැති ( 65 ) හැවිරිදි පුද්ගලකු බව කොහුවල පොලිසිය කියයි.

උගුරේ ඇති වූ පිළිකා රෝගයක් හේතුවෙන් මීට මාස 3ක පමණ සිට මෙම රෝගියා කළුබෝවිල ශික්ෂණ රෝහලට පැමිණ උගුර කන නාසය රෝගීන් සදහා ප්‍රතිකාර කරන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇති බව පැවසේ.

සිව් වන මහලේ රැඳී සිටි මෙම රෝගියා අද (14) අලුයම 5.30 පමණ එම වාට්ටුවේ නේවාසික රෝගීන් සඳහා ආහාර ගැනීමට වෙන් කර ඇති ස්ථානයට පැමිණ එහි සවිකර ඇති ජනේල් කවුළුවකින් බිමට පනින්නට ඇතැයි පොලිසිය සැකකරයි.

මේ බව රෝහල් සේවකයන් දැක ඒ බව රෝහල් පාලනාධිකාරිය දැනුවත් කිරීමෙන් පසුව පොලීසිය එම ස්ථානයට පැමිණ මියගොස් සිටි පුද්ගලයාගේ මෘත දේහය මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතව තිබූ බව වාර්තා විය.

Related posts

අඩු ආදායම්ලාභී පවුල්වලට මුදල් සහනයක්

Admin

මන්ත්‍රී අකිලගේ නිවසට සහ දේපලවලට ගිනි තැබූ සැකකරුවෙකු අල්ලයි

colombotoday

විරෝධතාකරුවන් 21 දෙනාට ඇප

colombotoday

රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු අටකගේ සහය

colombotoday

අධි සාන්ද්‍රණ අඩංගු මත්පෙති සමඟ පාසල් සිසුවෙක් අත්අඩංගුවට

Admin

තවත් ගල්අඟුරු නැවක් මැයි එක දිවයිනට

Admin