Colombo Today Local News

කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලා උතුරේ හර්තාලයක් – කඩසාප්පුත් වසාදමයි

hartalඅත්අඩංගුවේ පසුවන එල්.ටී.ටී.ඊ සිරකරුවන් සියළුදෙනා නිදහස් කරන ලෙස බලකරමින් ද්‍රවිඩ ජාතික සන්ධානය අද (13) හර්තාලයක් ආරම්භ කර ඇත. කඩ සාප්පු සහ ආයතන සියල්ලක්ම පාහේ වසාදමා තිබෙන බව වාර්තා වේ. ඒ හේතුවෙන් උතුරේ ජන ජීවිතයේ සියළු කටයුතු අඩාල වී ඇති බවද වාර්තා වේ.

මේ අතර කොටි රැදවියන් සම්බන්ධනේ සාකච්ඡා කිරීම සදහා උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් ඊයේ කොළඹදී ජනාධිපතිවරයා හමුවී ඇති අතර අදියරෙන් අදියර එම සැකකරුවන්ට නීත්‍යානුකූලව නිදහස ලබා දිමට කඩිනමින් පියවර ගන්නා බව ජනාධිපතිවරයා විසින් පොරොන්දු වි ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් සියළු රැදවියන් පොදු සමාව යටතේ වහාම නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසයි ද්‍රවිඩ සන්ධානය ඇතුළු කොටි රැදවියන් වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පවසන්නේ.

Related posts

පුපුරන ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් බෝයවලානේ දී අල්ලයි

Admin

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකු හෘදයාබාධයකින් මියයයි

colombotoday

ලංකාවේ තර්ජණ කියා කැනඩාවේ සරණාගත වීසා ඉල්ලූ ද්‍රවිඩ පවුලක් පිටුවහල් කරයි

colombotoday

ලංකාවේ තවත් 9ක් මැදපෙරදීග දී මරා දැමීමට නියමිතයි!

colombotoday

චීනයට පළතුරු යවන ගිවිසුමට වසරයි… කෙහෙල් ගෙඩියක්වත් යවා නෑ…

colombotoday

කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කරයි

Admin