Colombo Today Local News

ආණ්‌ඩුවේ මහබැංකු වංචාව අතේ පත්තුවෙලා.. ඒක වහගන්න ඉහෙන් කනින් දාඩිය පෙරාගෙන දැන් වලිකනවා

President-Mahinda-Rajapaksaආණ්‌ඩුවේ මහ බැංකු වංචාව අද අතේ පත්තුවෙලා. ඒ වංචාව හෙළිදරව් කරන කෝප් කමිටු වාර්තාව ජනතාවට ඉදිරිපත් නොකර යට ගැසීමට ආණ්‌ඩුව ඉහෙන් කනින් දාඩිය පෙරාගෙන දැන් වලිකනවා. අද ආණ්‌ඩු බලය ගන්න යොදපු “යහපාලනය” යන වචනය දැන් රටේ ඉතිරිව තිබෙනවා දැයි දැන් ජනතාව ප්‍රශ්න කරන්නේ යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා එලෙස පැවසුවේ මිනීමැරුමක්‌ පිළිබඳව සැකපිට චෝදනා ලබා රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු ධීවර නියෝජ්‍ය ඇමැතිව සිටි සරත් කුමාර ගුණරත්න මහතාගේ සුවදුක්‌ බැලීම සඳහා 25 දා සවස මීගමුව බන්ධනාගාරයට පැමිණීමෙන් අනතුරුවය. මීගමුව බන්ධනාගාරයට ගොස්‌ සරත් කුමාර ගුණරත්න මහතාගේ සුවදුක්‌ බැලීමෙන් අනතුරුව එහි රැස්‌ව සිටි මාධ්‍යවේදීන් අමතමින් හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

ජනමාධ්‍යවලට නිදහස දෙනවැයි කියා බලයට පත්වුණ මේ ආණ්‌ඩුව ජනමාධ්‍ය ආයතනවල බලපත්‍ර කැන්සල් කරනවා. එහෙම කරන්නේ අනිත් ජනමාධ්‍ය ආයතනත් බියපත් කිරීමටයි. යහපාලනය කියන්නේ මේකද?

වත්මන් ජනාධිපතිවරයා තමන් විසින් පත්කළ ස්‌වාධීන කොමිෂන් ගැන එක එක ඒව දැන් කියනවා. ඒවයේ වැරැදි කරල තියෙනව කියනවා. ඒත් ඒවට විසඳුමක්‌ මෙතෙක්‌ අරන් නැහැ. ස්‌වාධීන කොමිෂන් කියන්නේ මේවටද? පොලිස්‌පතිතුමත්, පොලිස්‌ කොමිසමත් අවම බලය ගැන කියන්නෙ වෙනස්‌ වෙනස්‌ විදිහට කියනවා. අද ජනතාවට ප්‍රශ්නයක්‌ වෙලා. එදා පොරොන්දු වූ යහපාලනය මේකද කියල යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පැවසීය.

Related posts

අධ්‍යාපන කාර්යාලයක වැසිකිළියක මළ සිරුරක්

Admin

නැවත දැනුම්දෙනතුරු රටපුරා ඇදිරි නීතිය…

colombotoday

රාජ්‍ය මර්ධනයට ලක්වන ජනතාව වෙනුවෙන් 600ට අධික නීතිඥ මණ්ඩලයක්- විපක්ෂ නායක සජිත් කියයි

colombotoday

රටේ අපරාධ අඩුවෙලා… අගමැතිගෙන් පොලිස්පතිට පැසසුම්…

colombotoday

මුතුරාජවෙල තෙත්බිම් කළාපය සරංක්ෂණය හා තිරසර භාවිතයට තීරණ රැසක්

colombotoday

මැටි වලන් වලට හොඳ කලක්

colombotoday