Colombo Today Local News

රාජ්‍ය මර්ධනයට ලක්වන ජනතාව වෙනුවෙන් 600ට අධික නීතිඥ මණ්ඩලයක්- විපක්ෂ නායක සජිත් කියයි

රට දිනෙන් දින ප්‍රපාතයටත් අන්ධකාරයටත් ඇද දැමූ ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා මේ රටේ ජනතාව අරගල කරන බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන්ට එරෙහිව ආණ්ඩුව මර්දනය දිගු කරන සෑම මොහොතකම ඊට එරෙහිව විපක්ෂය ලෙස තමන් ජනතාවගේ පැත්තේ හිටගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(01)විපක්ෂ නායක කාර්යාලයේ දී පැවසීය.

ජනතාව මොහොතින් මොහොත ජීවත්වීමේ අරගලයක යෙදී සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා, ආණ්ඩුව ඒ කිසිවක් මායිම් නොකළ බවද දැන් රට අරාජික වී ඇතැයිද පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීම වැනි අණපනත් තුලින් ජනතාව මර්ධනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව පැවසූ විපක්ෂ නායකතුමා එවැන්නකට කිසිවිටෙකත් ඉඩ නොතබන බවද කීය.

ජනතා බලාපොරොත්තු සුන් කොට රටට අන්ධකාරය ගෙනා මේ දුර්වල අකාර්යක්ෂම ජනතා විරෝධී ආණ්ඩුව, ජනාධිපතිවරයා ප්‍රමුඛව ඉල්ලා අස්වී රට කරගෙන යාහැකි කණ්ඩායමකට භාරදිය යුතු බවද ඒ මහතා පැවසීය.

මේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලවලට පෙනී සිටින අතරේ රාජ්‍ය මර්ධනයට හසුවන සියලු පුරවැසියන්ට පක්ෂ පාට නොසලකා නීතිඥ සහාය නොමිලේ ලබා දීමටත් හයසියකට අධික නීතිඥ පිරිසක් ඒ වෙනුවෙන් සූදානම්ව සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

අද-හෙට අදුරේ ඉන්න වෙන වෙනස් උණු වෙලාව මෙන්න

Admin

රඹුක්කන ගම්මාන හතක් වසා දමයි.

colombotoday

නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාගේ කාර්යාලයේ තිබී ආයුධ තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට…

colombotoday

තිරුපති යනු දන්ත ධාතුන් වහන්සේ වැඩ විසූ විහාරය බිඳ ගොඩනැංවූ කෝවිලයි. දඹදිවට එල්ලවූ ඉස්ලාම් ආක්‍රමණ නිසා බුදුසසුන අතුරුදන් විය.

colombotoday

ආගමික ස්ථානවල සූර්ය පැනල සවිකිරීම අරඹයි

Admin

ජීවිතේට රනිල් යලි අගමැති කරන්නෑ – ජනපති විදෙස් මාධ්‍යටත් කියයි

colombotoday