Colombo Today Local NewsCovid 19

කොරෝනා වයිරසය ආසාදිත බවට සැක 508ක් රත්නපුරෙන්

කොවිඞ් 19 වයිරසය ආසාදිත යැයි සැකකරන පුද්ගලයින් 508 දෙනෙකු රත්නපුර දිස්ත‍්‍රික්කයේ සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්ව පසුවන බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.

මේ වනවිට දින දාහතරක ස්වයං නිරෝධානයට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව 609ක් වන බවත් ඔවුන්ගෙන් රෝග ලක්‍ෂණ පෙන්නුම් නොකළත් ඒ අය  සම්බන්‍ධයෙන් සෞඛ්‍ය අංශ තවදුරටත් උපදෙස් දෙමින් අධීක්‍ෂණ කටයුතු සිදුකරන බවද පළාත් සෞඛ්‍යසේවා අධ්‍යවරයා කීවේය.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ කෝවිඞ් 19 වයිරසය ආසාදිත බවට අනාවරණය වූ පුදගලයන් තිදෙනෙක් මේ වනවිට කොළඹ අයිඞීඑච් රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

ඊට අමතරව පැල්මඩුල්ල සහ ගොඩකවෙල ප‍්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් වයිරසය ආසාදිත දැයි පරීක්‍ෂා කිරිමට රත්නපුර මහ රෝහලේ විශේෂ නිරෝධායන ඒකකයට ඇතුළත් කර ඇත.

Related posts

”අශෝක් ස්ටීල්” අඩු බර කම්බි නිෂ්පාදනය කර කූට ජාවාරමක – රංජිත් විතානගේ කරන තවත් හෙළිදරව්වක්

Admin

ප්‍රවීන රංගධර ජයලත් මනෝරත්නයන් දිවි රගමඩලට සමු දෙයි !

colombotoday

රත්මලානේ අංජුගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

colombotoday

මීගමුව මාරිස්ටෙලා ආදි සිසු හමුවේ දේශපාලනය කතා කරන්න ගිය රන්ජන් අල්ලා දොට්ට දමයි

colombotoday

ගුරුකන්ද නාහිමි ආදාහනය නවත්වන්න TNA මන්ත්‍රීන් රැසක් ඇවිත් ඉඳලා

colombotoday

ඉන්දියාවෙන් ඩොලර් බිලියන එකක්

colombotoday