Colombo Today Local News

මීගමුව මාරිස්ටෙලා ආදි සිසු හමුවේ දේශපාලනය කතා කරන්න ගිය රන්ජන් අල්ලා දොට්ට දමයි

මීගමුව මාරිස්ටෙලා විදුහ‍ලේ ආදී සිසුන්ගේ සුහද හමුවකදී ආදි සිසුවකු ලෙස නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එම සුහද හමුවේදී දේශපාලනය කතා කිරීම නිසා ඇති වූ සිද්ධියක් මත නියෝජ්‍ය අමාත්‍යවරයාට එම සුහද හමුවෙන් පිටව යාමට සිදු වී ඇත.

මාරිස්ටෙලා විදුහ‍ලේ ආදි සිසුන්ගේ සුහද හමුවක් පෙරේදා (2 දා) විදුහල් පරිශ්‍රයේ පවත්වා ඇත. ආදි සිසුවකු ලෙස රන්ජන් රාමනායක මහතාද එම සුහද හමුවට සහභාගි වී තිබේ.

රන්ජන් රාමනායක මහතා සංවිධායක මණ්ඩලයේ ආරාධනයෙන් මේ අවස්ථාවේ ගීතයක් ගායනා කර ඇත. දේශපාලනඥයකු ලෙස රන්ජන් රාමනායක මහතා මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන දේශපාලනය කතා කිරීමට යාම නිසා සිය හිත මිත්‍ර ආදි සිසුන් විරෝධය මේ සඳහා පළකර තිබේ.

මේ අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂිත නිලධාරීන් තරමක කලබල ගතියක් පෙන්වීම නිසා ආදි සිසුන්ගේ විරෝධයද තරමක් වැඩි වී තිබේ. සංවිධායක මණ්ඩලය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන්ට සහය ලබාදී නියෝජ්‍ය අමාත්‍යවරයාව විදුහල් භූමියෙන් පිටතට ගෙන යාම මෙහිදී සිදුව ඇත.

Related posts

ආනයනික බිත්තර ඉල්ලුම ඉහළට – තවත් දිස්ත්‍රික්ක 02කට බිත්තර බෙදයි

Admin

වර්ණසිංහ පඹගාලක පැටලිලා.. ඔහු ගොඩගන්න සමතෙක් හෙළ උරුමයේ නෑ.. කණගාටුයි – ගම්මන්පිල

colombotoday

නව උපාධිධාරීන් 5,450කට ගුරු පත්වීම්

Admin

ඉතාලියෙන් ආ 65කට උසාවියෙන් නියෝගයක් !

colombotoday

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විශේෂ නිවේදනයක්

colombotoday

හෝමාගම අධිකරණය අසල හිමිනමක් ගිනිතබා ගැනීමට සැරසේ

colombotoday