Colombo Today Local News

”අශෝක් ස්ටීල්” අඩු බර කම්බි නිෂ්පාදනය කර කූට ජාවාරමක – රංජිත් විතානගේ කරන තවත් හෙළිදරව්වක්

”අශෝක් ස්ටීල්” නැමැති ආයතනයක් විසින් අඩු බර කම්බි නිෂ්පාදනය කර අලෙවිකර පාරිභෝගිකයන් නොමග යවන සිදු කරනු ලබන කූට ජාවාරමක් පිළිබදව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් හෙළිදරව් කරයි.

එම ආයතනය වත්තල පිහිට කර්මාන්ත ශාලාවක බර අඩු කම්බි නිෂ්පාදනය කර ඔවුන්ගේ රහසිගත ගබඩා තුනක අදාල කම්බි රදවා තබා ගෙන එහි සිට විවිධ පළාත්වලට බෙදා හරිනු ලබන බව රංජිත් විතානගේ මහතා සදහන් කරමින් මාද්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.

උපුටා ගැනීම…

පාරිභෝගිකයා අන්දන කම්බි ජාවාරම පිටුපස ”අශෝක් ස්ටීල්” අඩු බර කම්බි නිෂ්පාදනය කර අලෙවිකර පාරිභෝගිකයන් නොමග යවන කූට ජාවාරමක් පවත්වාගෙන යන සමාගම් කිහිපයක් පිළිබදව අප සංවිධානය විසින් පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් යොමු කරන ලද්දේ මීට වසර දෙකකට පෙරය.

ඒ අනුව සමාගම් කිහිපයක් විසින් අඩුබර කම්බි නිෂ්පාදනය කිරීම නවතා දමන ලදී. එසේ තිබියදී ”අශෝක් ස්ටීල්” නැමැති ආයතනයක් විසින් නැවතත් අඩුබර කම්බි නිෂ්පාදනය කර ඇති බවට වන තොරතුරක් අප වෙත ලැබීමෙන් පසු අප ඒ පිළිබදව විමසා බැලීමක් සිදුකරන ලදී.

එහිදී අපට දැනගන්නට ලැබුනේ අදාල සමාගම විසින් අඩුබර කම්බි නිෂ්පාදය කර අලෙවි කරන කූට ව්‍යාපාරයක නිරතවන බවයි.

මෙහි ඇති පුදුමය නම් අදාල සමාගම සදහා SLS සහතිකයද ලබාදී තිබීමයි.

වත්තල පිහිට කර්මාන්ත ශාලාවක අදාල බර අඩු කම්බි නිෂ්පාදනය කර ඔවුන්ගේ රහසිගත ගබඩා තුනක අදාල කම්බි රදවා තබා ගෙන එහි සිට විවිධ පළාත්වලට බෙදා හරිනු ලබන බව අප කල නිරීක්ෂණයකදී තහවුරු වූ අතර මාතර ප්‍රසිද්ධ ආයතනයක් විසින් මෙම කම්බි අලෙවි කිරීම ජයටම කරගෙන යන බවද අපට දැනගන්නට ලැබුණි.

පාරිභෝගිකයින් විසින් ඉතා අමාරුවෙන් උපයාගත් මුදලින් නිවසක් තැනීමේදී ඊට මෙම කම්බි යොදන්නේ නොදැනුවත් කම නිසාය. රටේ ඇති වී ඇති ආර්ථික අර්බුදය හමුවේ පාරිභෝගිකයින් විසින් නිවාස සාදන්නේ ඉතාමත් අමාරුවෙන් බව අප කවුරුත් දන්නා කරුණකි.

එසේ තිබියදී මෙවැනි ආයතන පාරිභෝගිකයා මුලාකරමින් තම මඩිය තර ගන්නා ආකාරය පිළිකුල් සහගතය. පසුගියදා පාරිභෝගික අධිකාරිය විසින් අදාල ආයතනයේ ගබඩාවක් සීල් තබා ඇත.

පාරිභෝගිකයින් අන්දන මෙවැනි කූට ජාවාරම් පිළිබදව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මෙන්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයද විමසිල්ලෙන් සිටිය යුතුය. එසේම ඔවුන් මෙවැනි ජාවාරම් නැවැත්වීම සදහා නීති ක්‍රියාමාර්ග ගත යුතුය

උපුටා ගැනීම අවසන්

Related posts

“උතුරේ ජනතාවට හමුදාව ශක්තියක්..අපි නිරතුරුවම ජනතාව සමගයි” විග්නේෂ්වරන්ට හමුදාවෙන් පිළිතුරු

colombotoday

කඩු පොලු රැගත් මැරයෝ කින්නියා සිවිල් ආරක්ෂක බලකා කාර්යාලයට පනී.. පුද්ගලයෙකු කපා කොටා යකා නටති

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ පැමිණීමේ දීමනාව දිනකට විසිදහසක් කරන්න ආණ්ඩුවෙන් යෝජනාවක්!

colombotoday

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මාර්ගය වසා දැමේ…

Admin

ඇමති රිෂාඩ් පිට පිටම දෙවන වරටත් CID යෙන් කට්ටි පනී !!

colombotoday

පල්ලියක් අසලින් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4ක් හා ඩෙටනේටර් තොගයක් සොයා ගනී

colombotoday