Colombo Today Local News

ඇමති රිෂාඩ් පිට පිටම දෙවන වරටත් CID යෙන් කට්ටි පනී !!

වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතත් ඔහු එය මඟහරිමින් සිටින බව වාර්තා වෙයි.

පසුගිය 16 වැනිදා දෙවෙනි වරටත් එම දැනුවත් කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අමාත්‍යවරයාට සිදුකර ඇතත් ඔහු පැමිණ නැත. 

ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් වූ ජාතික තවුහිද් ජමාත් සංවිධානයට සහය දී බවට රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබෙන නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු කැඳවා ඇත්තේ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට නොව සහල් හොරකමක් සම්බන්ධයෙන් වන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට බව සඳහන්.

අවස්ථා දෙකකදීම ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟහැර ඇති හෙයින් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ දැන්වීමක් නිකුත් කරන අතර ඉන් පසුව අධිකරණ නියෝගයකින් ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ.

Related posts

රවීට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ නොහැකියි

colombotoday

රජරට වකුගඩු මාරයා දකුණටත් බැලුම් හෙළයි.

colombotoday

විශ්ව බුද්ධි යළි වැඩ අල්ලයි

Admin

මහජන පෙත්සම් කාරක සභාවේ සභාපති ධූරය යළිත් ජගත් පුෂ්පකුමාරට

colombotoday

බ්‍රිතාන්‍ය කිරීටයෙන් සිරිලක මුළුමනින්ම නිදහස ලැබූ.. ජාතියට අමතකව යන ජනරජ දිනය

colombotoday

බිරිඳ සමග ආරවුලට තම නිවසම ගිනි බත් කරලා

Admin