Colombo Today Local News

විශ්ව බුද්ධි යළි වැඩ අල්ලයි

සුනඛයකුට සිවුරක් පොරවමින් බුදු දහමට නිගා වන “ටික් ටොක්” වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරියේ යැයි අත්අඩංගුවට ගෙන ඇප නියම වූ රත්නපුරේ විමල බුද්ධි නොහොත් “විශ්ව බුද්ධි මුනි” චීවරධාරියා බුදුදහමට නිගා වන වීඩියෝ පළ කිරීම යළිත් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වමින් පැවසීය.

අන්තර්ජාලයේ පලවන වීඩියෝ සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් මෙම කරුණු දැක්වීම කර ඇත.

සැකකාර හිමිනම රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පසුගිය (09)දා නියෝග කළේය.

සැකකරු කළේ යැයි කියන ප්‍රකාශය 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනතේ 3(01) වගන්තිට ගැනෙන වරදක් නොවන බවට නිගමනය කරමින් මෙම ඇප ලබාදීම සිදුකරන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

සම්මුති පනත යටතේ ඇප ලබා දුන්නද ආගමට අපහාසයක් කිරීම සම්බන්ධයෙන් දණ්ඩන නීති සංග්‍රහයේ 290 හා298 වගන්ති යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් නඩුව පවරා පවත්වාගෙන යෑමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් ඇති බවට,හා එසේ විමර්ශනය කිරීමට බාධාවක් නොවන බව ද මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය නිකුත් කරමින් දන්වා ඇත.

Related posts

වනාතවිල්ලුවේ ISIS කදවුරක්… පිටුපස ප්‍රබල දේශපාලකයෙක්….

colombotoday

වියත්මගට එන්නැයි ගෝඨා රට වැසියන්ගෙන් ඉල්ලයි !

colombotoday

රට කරවන්නෙ කොන්ද පණ නැති රැළක්.. රණවිරුවන් යුධ අධිකරණයටනම් ජනතාව පාරට බැසිය යුතුයි

colombotoday

තේ අපනයනය පහත වැටේ.. සත්වසරකදී අඩුම අපනයන 2016 දී

colombotoday

කොළඹදී ගහනවා නම් ගම්වලදී කරන්න අරගලයට දේශපාලකයන් බයයි – සරත් ෆොන්සේකා

Admin

ගාල්ල තැපැල් කාර්යාලය වැසේ

colombotoday