Colombo Today Local News

X-Press Pearl වන්දි සීමාවලට එරෙහි විරෝධතා ලබන 29 වැනිදා බ්‍රිතාන්‍ය මහාධිකරණයට..

X-Press Pearl නෞකාව ගිනි ගෙන මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනීමට පනවා ඇති සීමාවලට එරෙහිව බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණය හමුවේ ලබන 29 වැනිදා විරෝධතා ගොනු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මීට පෙර එම අධිකරණය නෞකාව අයත් සමාගමෙන් ලබා ගත හැකි වන්දිය ස්ටාර්ලිං පවුම් මිලියන 19.5 කට සීමා කර තිබූ බවයි.

ඒ තුළින් නෞකාව මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට ප්‍රමාණවත් වන්දියක් අයකර ගැනීමට සීමා පැනවිණ.

මේ අතර, සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ මහධිකරණය හමුවේ නෞකා සමාගමෙන් වන්දි අයකර ගැනීම සඳහා පනවා ඇති නඩුවට අදාළව සවිස්තරාත්මක ප්‍රකාශයක් ලබන 27 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි විමසීම සිදු කෙරෙනු ඇති.

පළමු සාක්ෂිකරු ලෙස හර්බර් මාස්ටර්වරයා ඉදිරිපත් කරන බවද නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

කොත්මලේ මහවැලි මහා සෑයත් රජයට පවරාගනී.. මල්වතු මහනාහිමියෝ දැඩි විරෝධය පලකරති

colombotoday

GSP+ ගන්න යුරෝපා සංගමයේ කොන්දේසි 58ට රජය එකග වේ

colombotoday

මාතලේ- නාඋලට කැරළි මර්ධනය කැදවයි.. ආරක්ෂාව තර කෙරේ

colombotoday

යහපාලනේ දැන් හොදටම ඇති, කියල ජනතාව කියනවනම් ගෙදර යන්න ආණ්ඩුව ලෑස්තියි – සජිත්

colombotoday

මුස්ලිම් ජනතාවගේ ගැටලු සඳහා සියලු විසඳුම් දෙනවා – ජනපති

colombotoday

කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin