Colombo Today Local News

විශේෂඥ වෛද්‍ය සංගමයෙන් ලිපියක්… වෛද්‍ය එස්.සී.ආර් පෙරේරාට මැර ප්‍රහාරයක්

සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති පසුගිය 16 වැනිදා ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අතරතුරදී දිවයින පුරා පිළිකා සම්බන්ධ සායනික කටයුතු බිඳ වැටීමට නොදී පවත්වා ගෙන ගිය නමුත් කරාපිටිය රෝහලේ පිළිකා ශල්‍ය එක්කයේ ශල්‍යකර්මවලට බාධා පැමිණුන බව විශේෂඥ වෛද්‍ය සංගමය ප්‍රකාශ කළේය.

ඒ පිළිබඳව පිළිකා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස්.සී.ආර් පෙරේරා මහතා ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව එම සංගමය පැවසීය.

පැමිණිල්ල බාරදුන් දිනට පසුදින කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂකවරයාගේ කාර්යාලයට යමින් සිටියදී වෛද්‍ය එස්.සී.ආර් පෙරේරා මහතාට සේවකයන් කීපදෙනකුගෙන් ජීවිතයට තර්ජනයක් වන ආකාරයේ මැර ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විශේෂඥ වෛද්‍ය සංගමය ප්‍රකාශ කළේය.

වෛද්‍යවරයාගේ රාජකාරියට බාධා එල්ල වන අයුරින් අඛණ්ඩව විවිධාකාරයෙන් වන හිරිහැර කිරීම් පිළිබඳව කනගාටුවට පත්වන බවත් මෙම සිදුවීම් පිළිබඳව හදිසි අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙසත් හැකි ඉක්මනින් ශල්‍ය ඒකකයේ වැඩ කටයුතු සාමාන්‍ය තත්වයට පත් කරන ලෙසත් ඉල්ලමින් විශේෂඥ වෛද්‍ය සංගමය කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂකවරයාට ලිපියක් යොමු කර තිබේ.

Related posts

ලක්ෂ 70ක හෙරොයින් සමග පාකිස්ථානුවෙක් අල්ලයි

colombotoday

ජනාධිපති අපෙක්ෂකයන්ට අගරදගුරු නිවසේ දොර වැසෙයි !

colombotoday

සති දෙකක් ඇතුළත වහා ඉල්ලා අස්වෙනු – ජනපති පොලිස්පතිට දැනුම් දෙයි…

colombotoday

ගිනිගන්නා MSC Messina නැවේ සේවකයෙක් අතුරුදන්. | ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය නැවට ලඟා වෙයි.

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 334 දක්වා ඉහළට

colombotoday

දක්ෂිණ අධිවේගයේ නාය යෑමෙන් වාහන ධාවනයට බාධා..

Admin