Colombo Today Local News

තවත් ප්‍රදේශ තුනක විදෙස් රැකියා පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට අනුමැතිය

දිවයිනේ ප්‍රදේශ තුනක විදෙස් රැකියා පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට අදාළව විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ගෙන ආ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එබැවින් ශ්‍රී ලංකා විදෙස් සේවා නියුක්ති කාර්යාංශයටම අයත්වන පරිදි පුහුණු මධ්‍යස්ථාන යාපනය, හෝමාගම සහ අම්පාර යන ප්‍රදේශවල ස්ථාපිත කිරීමට අමාත්‍යවරයා මෙමගින් යෝජනා කර ඇත.

විදෙස් රැකියා අපේක්ෂකයින් සඳහා කඩිනම් මෙන්ම ගමනාන්ත රට ඉලක්ක කරගත් විශේෂිත පුහුණු වැඩසටහන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පවත්වනු ලබයි.

මේ වනවිට දිවයින පුරා කුලී පදනමින් ලබාගෙන ඇති ගොඩනැගිලිවල අවම පහසුකම් යටතේ මෙම පුහුණු වැඩසටහන් පවත්වාගෙන යනු ලබන බව සඳහන් වෙයි.

Related posts

මුදල් කාරක සභාවේ සභාපතිධූරය යළිත් හර්ෂට

Admin

කොරෝනා අඳුම් කට්ටල ඇතුළු සෞඛ්‍ය උපකරණ ගබඩාවක් ගිනි ගනී

Admin

ලුණූ ආනයනය නතර කර රටටම ලුණු හදන්න පාඩු ලැබීම ගැන නිදහසට කරුණු එපා

colombotoday

කාබනික පොහොර උපදේශකයෝ ටික ගොවි බිමක්වත් දැකලා නැති පිරිසක් | සිංහල රාවය

colombotoday

FCIDය හයිඩ් පිටියට ගියානම් සියළු දූෂිතයන් එක තැනකදී අල්ලා ගන්න තිබුණා. ආව ඔක්කොම හොරු

colombotoday

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමට අදාළ මුදල් අද බැංකු වෙත මුදා හරි

Admin