Colombo Today Local News

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

හපුතලේ දියතලාව දුම්රිය ස්ථාන අතර 155/25 සැතපුම් කණුව අසලදී ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (19) පෙරවරුවේ යථා තත්වයට පත් කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පවතින වර්ෂාවත් සමඟ අද (19) අලුයම හපුතලේ දියතලාව දුම්රිය ස්ථාන අතර 155/25 සැතපුම් කණුව අසලදී දුම්රිය මාර්ගයට ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ දුම්රිය ධාවනයට බාධා සිදු විය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඔහිය දුම්රිය මාර්ග අධීක්ෂණ කළමනාකරු එන්.සී.මනිමේන්ද්‍ර මහතාගේ මෙහෙයවීම මත ඔහීය දුම්රිය මාර්ග අංශයේ තාක්ෂණ ශිල්පීන් විසින් දුම්රිය මාර්ගයට කඩා වැටී තිබූ ගල්පර්වත පස්කදු ඉවත් කර ඇත.

Related posts

පාතාල නායක ‘කුඩු නුවන්‘ අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

colombotoday

ගෙවුණු පැය 24 තුල කොරෝනා මරණ 103ක් !

colombotoday

ඉන්ධන නැවක් ආපහු හැරී යයි

Admin

කුරුඳු සංවර්ධනයට නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරන්න කැබිනට් අනුමැතිය

Admin

විදේශ විනිමය සීමා රැසක් ලිහිල් කෙරේ…

Admin

අත්අඩංගුවට ගත් ජමාත්තේ ඉස්ලාමි හිටපු නායකයාගේ දේශනාවලට මුස්ලිම් කටයුතු අමාත්‍යංශය අනුග්‍රය දක්වලා

colombotoday