Colombo Today Local News

කෘත්‍රීම බුද්ධිය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීමට අනුමැතිය

කෘත්‍රීම බුද්ධිය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීමට හැකිවන පරිදි 2003 අංක 27 දරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනතට අවශ්‍ය සංශෝධන හඳුන්වාදීම සඳහා සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්තන නියෝජිතායතනයක් පිහිටුවා එහි කොටසක් ලෙස කෘත්‍රීම බුද්ධිය සඳහා වූ ජාතික මධ්‍යස්ථානය පිහිටුවීමට මෙමගින් ජනාධිපතිවරයා යෝජනා කර ඇත.

රජයේ ඩිජිටල් සංවර්තන ක්‍රියාවලිය මෙහෙයවීම සඳහා උපායමාර්ගික හා ප්‍රතිපත්තිමය නායකත්වය ලබාදීමද, ආයෝජනයට උපදෙස් ලබාදීම සහ අධීක්ෂණය කිරීමද එම ආයතන පිහිටුවීමේ අරමුණකි.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්තනය තුළ වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක වීමටත්, එහි ප්‍රතිඵල ලබාගැනීමටත් පුළුල් බලතල සහිත ආයතනයක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව රජය මෙම තීරණය ගෙන තිබේ.

Related posts

ජනපතිගේ විශේෂ ප්‍රකාශය

Admin

මුරලිගේ ප්‍රකාශයට ගෝඨාභයගෙන් මල්, මනෝ ගනේෂන්ගෙන් ගල්…

colombotoday

විශ්වාසභංගය ගැන ජනපති-අගමැති එකඟතාවයක් නෑ – මාධ්‍ය වාර්තා ගැන ජනපති කාර්යාලයෙන් ප්‍රකාශයක්

colombotoday

ලලිත් වීරතුංගට සහ අනුෂ පැල්පිටට සිරදඬුවම් හිමිවූ සිල් රෙදි නඩුවේ ඇපෑලේ තීන්දුව හෙට

colombotoday

ජනපති-අගමැති එක්වී චීන ජෝඩු 100ක් කරකාර බන්දවයි.. රාජකීය මගුල කොළඹදී !

colombotoday

පොදු සමා කාලය තුළ 14,000 ක් හමුදාව හැර ගිහින් !

colombotoday