Colombo Today Local News

කුළුබඩු කීපයක් අගය එකතුකර ප්‍රති අපනයනය අරඹන්න අවසර

තෝරාගත් කුළුබඩු ආනයනය හා සැකසුම සහ තෙල් නිස්සාරණය, ඔයියෙරෙයාසින් හා අවශේෂ ස්වරූපයෙන් ප්‍රති අපනයනය කිරීමේ ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ කුළු බඩු මුල් ස්වරූපයෙන් අපනයනය කිරීමට වඩා අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනය කිරීමෙන් වැඩි ආදායමක් ඉපැයීමේ ශක්‍යතාවය පවතින බව රජය පවසයි.

ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා සම්පූර්ණ නව නිපැයුම් ලෙස ඉහළ මට්ටමේ අගය එකතු කළ නිෂ්පාදන නිපදවීමට හැකිවන පරිදි මුල් ස්වරූපයෙන් ඇතැම් කුළුබඩු වර්ග ආනයනය කිරීම සඳහා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහිත ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක් රජයට ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, එකී නිෂ්පාදකයන් හට සිය වෙළඳපොළ අවශ්‍යතාවය පුළුල් කර ගැනීම සඳහා මෙම අවසරය ලබාදුන් බව රජය පවසයි.

Related posts

බුදු පිළිම වහන්සේ නමක් වැඩමවීමට දෙමල ජාතිකයන් විරුද්ධවූ මුලතිව් පුරාවිද්‍යා රක්ෂිතයට ඇතුළුවීම තහනම් කරයි

colombotoday

මෙරට ගව ඝාතනය නතර කරයි. – සියලුම පළාත් පාලන ආයතනවලට දැනුම් දෙයි

colombotoday

පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් සංකේත වර්ජනයක

Admin

මේ අවුරුද්දේ සිදුවන මහා පාවාදීම් තුනක් ගැන හෙළිදරව්වක් !

colombotoday

ගෝඨාභය රාජපක්ෂට මුළු රටම බයයි. ඒ නිසා සජිත් දිනනවා. – අජිත් පී පෙරේරා කියයි

colombotoday

රෝගීන් සංඛ්‍යාව 592 දක්වා ඉහලට

colombotoday