Colombo Today Local News

කතානායක ඉවතට?

මුලසුනේ කටයුතු සාධාරණ ලෙස සිදු නොකරන නිසා කරු ජයසූරිය මහතා කතානායක ධුරයෙන් ඉවත් කරන ලෙසට ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්‌ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත.

විමල් වීරවංශ සහ දිනේෂ් ගුණවර්ධන යන මන්ත්‍රීවරුන් සම්බන්ධව කතා කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයට වැඩි කාලවේලාවක්‌ ලබා දී සභානායකවරයාට කතා කිරීමට ඉඩ නොදීම නිසා සිකුරාදා (10 දා) ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරු සභා ගැබෙන් පිටව ගියහ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්‌ථාවේ සභා ගැබෙහි නොසිටියේය.

මන්ත්‍රීවරු සිය පැමිණිල්ල රැගෙන අගමැතිවරයා හමුවීමට ගොස්‌ ඇති අතර ඉතිහාසයේ පළමුවරට ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු රැස්‌වීම වර්ජනය කර සභාගැබෙන් පිටව යැමට සිදු වූයේ කතානායක කරු ජයසූරිය මහතාගේ ක්‍රියා කලාපය නිසා බව ඔවුන් අගමැතිවරයාට කියා ඇත.

කතානායකවරයා දිගින් දිගටම මෙම ක්‍රියාකලාපය අනුගමනය කරන බව අගමැතිවරයාට ප්‍රකාශ කර ඇති මන්ත්‍රීවරුන් සාධාරණ ලෙස කටයුතු කළ හැකි සෘජු මන්ත්‍රීවරයෙක්‌ කතානායක ධුරයට පත් කරන ලෙසටද ඉල්ලා ඇත. “සරත් ෆොන්සේකා” වැනි මන්ත්‍රීවරයෙක්‌ මේ සඳහා සුදුසු බවද ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරු මේ අවස්‌ථාවේදී ප්‍රකාශ කළ බව දැන ගන්නට ඇත.

Related posts

“උතුරේ තත්ත්වය ඉතා යහපත්.. හමුදාව යටතේ ඇති ඉඩම් තවදුරටත් බෙදා දෙනවා” – ආරක්ෂක ලේකම්

colombotoday

ඇවන්ට්ගාඩ් 4,5 හා 6 සැකකරුවන් රිමාන්ඩ්

colombotoday

ගුටි කෙළියෙන් මන්ත්‍රී කෙනෙකුට තුවාල… ගැටුම දිගටම…

colombotoday

“මං සර්ගෙ ගෙදර මාස 6ක් වළං හෝදන්නම්, අනේ සර් කාටවත් කියන්න එපා“ රහස් රැසක් සමග ශානි-රංජන් හඩ පට එළියට…

colombotoday

ජනපති අසරණ වෙයි.. රනිල් අගමැති ධුරයෙන් ඉවත් නොකරන්නැයි බටහිර රටවල්වලින් බලපෑම්..

colombotoday

ජනවාරියේ විපක්ෂ මන්ත්‍රීන් 10ක් එජාපයට.. කෙහෙළියත් ඒ අතර – හැරිසන් කියයි (Video)

colombotoday