Colombo Today Local News

“උතුරේ තත්ත්වය ඉතා යහපත්.. හමුදාව යටතේ ඇති ඉඩම් තවදුරටත් බෙදා දෙනවා” – ආරක්ෂක ලේකම්

karunasena hettiaracchiඋතුරු නැගෙනහිර වර්තමාන ආරක්‍ෂක තත්ත්වය ඉතාමත් යහපත් බැවින් ජාතික ආරක්‍ෂාව සඳහා අවශ්‍ය ප්‍රමාණයට වැඩි ඉඩම් ආපසු ජනතාව වෙත පවරා දෙන බව ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා පැවැසීය.

ඒ අනුව හමුදා කඳවුරු පිහිටි ඉඩම් නැවත අයිතිකරුවන් වෙත ලබාදෙන බවද හෙතෙම පැවැසීය.

රජය ජාතික ආරක්‍ෂාවට ප්‍රමුඛත්වය දෙමින් ආරක්‍ෂක හමුදාවල ගෞරවයද ආරක්‍ෂා කරන බවත් මාධ්‍ය නිදහස මෙන්ම ජනතාවගේ අදහස්‌ ප්‍රකාශ කිරීමේ අයිතියද රැකදීමට කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

වේයන්ගොඩ බණ්‌ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ මහා සභා රැස්‌වීමේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වෙමින් ආරක්‍ෂක ලේකම්වරයා ඊයේ (7 වැනිදා) මෙසේ පැවැසීය.

සිරිමෙවන් කස්‌තුරිආරච්චි
-Divaina

Related posts

බාදුරාගොඩ අල්කයිඩා පවුලම අත්අඩංගුවට

colombotoday

සරුවට ගංජා හේන් හතරක් වැවූ අයෙක් අත්අඩංගුවට

colombotoday

විශ්ව විද්‍යාල සිසුන් තැන් තුනකින් කොළඹ වටලයි.

colombotoday

ලබන ඉරිදා සහ සඳුදා ආර්ථික මධ්‍යස්ථාන යළි විවෘතයි

colombotoday

වසර හතකට පසු සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් මුදාගත් නෞකාවක්

Admin

පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් අත්අඩංගුවට ගත්තාට පොලිස්පතිට මිලියනයක දඩයක්

Admin