Colombo Today Local News

මුරලිගේ ප්‍රකාශයට ගෝඨාභයගෙන් මල්, මනෝ ගනේෂන්ගෙන් ගල්…

රටේ දිළිඳු ජනතාව සම්බන්ධයෙන් මෙන්ම වර්තමාන දේශපාලනඥයන් පිළිබඳව ප්‍රකට ක්‍රිකට්‌ ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් කළ ප්‍රකාශය ගැන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රසාදය පළ කර ඇත.

තමා අනුගමනය කරන්නේ එම ක්‍රමවේදය බවද රාජපක්‍ෂ මහතා තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ අතර හිටපු ඇමැති මනෝ ගනේෂන් විසින් මුරලිදරන්ගේ ප්‍රකාශය මෝඩයකුගේ ප්‍රකාශයක්‌ බවට පරිභව කර ඇත.

ආහාරවලට වඩා ප්‍රජාතන්ත්‍රවාදය ලොකු බව ඔහු දක්‌වා තිබේ.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය වැනි මාතෘකා ගැන කතා කිරීමට පෙර ජනතාව තුන් වේල කාලා ඉන්නවා දැයි දේශපාලකයන් සොයා බැලිය යුතු බවට මුරලිදරන් ප්‍රකාශ කර තිබුණි.

Related posts

අරගලයට මුවාවී දිය යටින් ගින්දර ගෙනියන පිරිසක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගීමේ සුදානමක්

colombotoday

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ CID කැදවයි.. අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

colombotoday

නීති විරෝධී ලෙස කන්ටේනර් අටක් මුදාහරින්න රවීගෙන් රේගුවට නියෝග

colombotoday

අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් පවතින ගැටලු දැනුම් දීමට දුරකතන අංකයක්

colombotoday

ගෑස් අනතුරකින් කාන්තාවක් මරුට

colombotoday

දුම්රිය රියදුරන්ගේ වර්ජනය තාවකාලිකව අත්හරී…

colombotoday