Colombo Today Local News

අරගලයට මුවාවී දිය යටින් ගින්දර ගෙනියන පිරිසක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගීමේ සුදානමක්

ගෝල්ෆේස් අරගලයේ ජනතා හඬට “සියලුම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ඉල්ලා අස්විය යුතුයි” යන සටන් පාඨය ගෙන ඒමට ඊයේ (7) දින “අලුත් මාවත” නමින් ජනතාව හමුවේ ප්‍රතික්ෂේප වූ පිරිසක් එකතුවී ආරම්භ කරන ලද සංවිධානයක් විසින් සැලසුම් කර ඇත.

අරගල කරුවන් ලවා බලපෑම් කර පත්කළ මන්ත්‍රීවරුන් ඉවත්වීමෙන් පසු “අලුත් මාවත” කණ්ඩායමට අයිති පිරිසක් පුරප්පාඩු මන්ත්‍රීධුර සඳහා පාර්ලිමේන්තුවට රිංගවීම මොවුන්ගේ අරමුනයි.

රජය විසින් රටේ උද්ගතව ඇති ඉන්දන සහ ගෑස් ගැටලුවට විසඳුම් ලබා දීමට පෙර මෙම ක්‍රියාවලිය සිදුකළ යුතු බවත් නොඑසේනම් අරගලකරුවන් පසුබහිනු ඇති බවටත් මෙහිදී අදහස් හුවමාරු වී ඇත.

ඊයේ පැවති “අලුත් මාවත” රැස්වීම සඳහා මුල්‍ය අනුග්‍රහය ලබා දී ඇත්තේ අරියශීලී වික්‍රමනායක මහතායි. මෙම ක්‍රියාවලිය පිටුපස කුප්‍රකට දන්ත වෛද්‍ය මන්ත්‍රීවරයා සිටින බවට ඊයේ රැස්වීමට සහභාගී වූ සිවිල් සංවිධාන නියෝජිතවරයෙක් අපවෙත පැවසීය.

අසාර්ථක කාබනික පොහොර කාර්ය සාධක බලකාය නියෝජනය කල දෙරණ හිමිකරු දිලිත් ජයවීර මහතාද මේ සඳහා එක්වී ඇත.

මංගල සමරවීර මහතා විසින් අටවාගනු ලැබූ, සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි “රැඩිකල් සෙන්ටර්” නැමති සංවිධානයේ සාමාජිකයන්ද මෙම අවස්ථාවට සහබාගී වී සිටිනු දක්නට ලැබිණ.

Related posts

කෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකුට කොවිඩ් ආසාදිතයි

colombotoday

එජාපය එකට එක කරයි.. විශ්වාසභංගයට පෙර, විධායක ජනපති ධුරය අහෝසි කරන යෝජනාව පාර්ලිමේන්තුවට

colombotoday

අධි ආරක්ෂිත කළාපය මහජනයා සඳහා විවෘත වෙයි

colombotoday

සතියක් තුළ රු. බිලියන 8.8ක බැදුම්කර ආයෝජන අහිමිවෙයි

colombotoday

මෙගා ඩීල් චෝදනා අහෝසියි.. සජින් වාස් දැන් යහපාලනයේත් කෙරුමෙක්!

colombotoday

‘සයිටම් විරෝධීන්‘ සහ ‘සයිටම්වාදීන්‘ කොළඹදී හැප්පෙන්න යයි.. උසාවියෙන් නියෝගයක් !

colombotoday