Colombo Today Local News

වෛද්‍යවරයෙක් රෝගියෙකු ප්‍රතික්ෂේප කරන්නේ නම් අපි අරගලය ජයග්‍රහණය කළද මනුෂ්‍යත්වය පරාජය වී හමාරයි. – ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

ප්‍රතිකාර ලබාගැනීමට ගිය අවස්ථාවෙදි ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට ප්‍රතිකාර කිරීම විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා නිවේදනයක් නිකුත්කර ඇත.

අදාළ නිවේදනය…

අරගලයෙ අරමුණ මනුෂ්‍යත්ව සොයා යාම මිස සමාජය වනචාරී යුගයකට රැගෙනයාම නොවේ

මේ වන විට සාමාජ මාධ්‍ය හරහා වේගයෙන් පැතිරෙමින් තිබෙන ප්‍රවෘතියක් දැක මේ සටහන තැබීමට අදහස් කලෙමි. ප්‍රවෘත්තිය නම් කිසියම් පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර ලබාගැනීමට ගිය අවස්ථාවෙදි ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට ප්‍රතිකාර කිරීම අදාල රෝහලෙ විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් ප්‍රතික්ෂේප කොට තිබීමයි. මේ වනවිට සමාජ මාධ්‍ය තුල එහා මෙහා වන පුවතට අනුව එය අරගලයට සමගාමීව සිදුකරන ලද්දක් බව පෙනේ. අප අරගල කළ යුතුය. එ සමාජය සහ මනුෂ්‍යත්වය ඔසවා තැබීමටයි. මිනිස්කම් පාගා දමා ආචාර ධර්ම විනාශකොට අපට දිනිය හැකි අරගලයක් තිබේද. නැත, කිසිවිටකත් එසේ නැත. නිතීඥවරයෙකු ලෙස මාද වෘත්තීය ආචාර ධර්ම බෙහෙවින් ගරු කරන්නෙකු වන අතර අප වෙත එන සේවාදායකයෙකු වෘත්තීය ආචාර ධර්ම ගැටුමක් මත මිස කිසිදු අවස්ථාවක ප්‍රතික්ෂේප නොකරන්නෙමු.

අපට විවිධ පුද්ගලික දේශපාලන මත තිබේ. දේශපාලනය හා වෘත්තීය ජීවිතය අපි කිසිවිටකත් එකිනෙක පටලවා ගතයුතු නොවේ. අරගලයේ අරමුණ යහපත් දියුණු රටක් හා සමාජයක් ගොඩනැගීමයි. එහෙත් මෙවැනි පටලවා ගැනීම් තුලින් එ උතුම් අරමුණු දියවී යාහැකි බව මගේ හැගීමයි. වෛද්‍යවරයෙක් දේශපාලන හේතුවක් මත රෝගියෙකු ප්‍රතික්ෂේප කරන්නේ නම් අපි අරගලය ජයග්‍රහණය කළද මනුෂ්‍යත්වය පරාජය වී හමාරය. අරගලය ආරම්භයේ සිටම අරගල කරුවන් වෙනුවෙන් ගරු අධිකරණයේ පෙනී සිටිමින් වඩා යහපත් සමාජයක් ප්‍රාර්ථනා කළ පුරවැසියෙකු ලෙසත් වෘත්තිකයෙකු ලෙසත් මාගේ ඉල්ලීම වන්නේ අපි සියළු දෙනා එක අරමුණක් වෙනුවෙන් සටන් කළ යුතු අතර මනුෂ්‍යත්වයට අවමන් කිරීමද නොකල යුතුය යන්නයි.

ජනාධිපති නිතීඥ
මෛත්‍රි ගුණරත්න

Related posts

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

Admin

අගමැතිකම මට ලොකු නැහැ – මහින්ද රාජපක්ෂ

colombotoday

යහපාලනය යටතේ නොනවතින මහා පරිසර සංහාරයට එරෙහිව පරිසර ප්‍රේමීන් වීදියේ විරෝධයේ

colombotoday

මිලින්ද මොරගොඩ ඇමරිකාවේ ඔත්තුකරුවෙක්. ඉන්දියානු තානාපති ලෙස පත්කිරීමට විරෝදය

colombotoday

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

colombotoday

නිධන් හාරන්න ගිය තිදෙනෙක් මාට්ටු

colombotoday