Colombo Today Local News

නොරච්චෝලෙට ගල්අඟුරු ගන්න නැවකට අත්තිකාරම් ගෙවයි

නොරච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු නැවක් සඳහා අත්තිකාරම් මුදල් ගෙවීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇත.

2021 වර්ෂයට අදාළව සිදුකළ ටෙන්ඩර් කැඳවීමේදී තවත් ගල් අඟුරු නැව් 25 ක් විදුලිබල මණ්ඩලයට ලබාගැනීමට ඇති හැකියාව අනුව මෙට්‍රික්‌ ටොන් හැටදහසක් අඩංගු නැවට මුදල් ගෙවා තවත් මෙට්‍රික්‌ ටොන් හැට දහසක නැවක් සඳහා අද (30දා) හෝ හෙට (01දා) මුදල් ගෙවීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරන බව එම බලාගාරයේ සභාපති ජගත් පෙරේරා මහතා පවසයි.

මේ වනවිට බලාගාරය සතුව ලබන මස (ඔක්තෝබර්) 20 වැනිදා තෙක් ගල්අඟුරු සංචිත පවතින අතර මෙම නැව් දෙකේ ගල්අඟුරු පැමිණීමෙන් පසු ලබන නොවැම්බර් 20 වැනිදා පමණ වනතෙක් ගල්අඟුරු සංචිත පවතින බවද ඒ මහතා කියයි.

ගල්අඟුරු මෙට්‍රික්‌ ටොන් ලක්‍ෂ 03 ක් ලබාගැනීම සඳහා නව ටෙන්ඩරයක් කැඳවා තිබෙන බවත් එම ටෙන්ඩරයටද මාස 06 ක සහන කාලයක් යටතේ ගල්අඟුරු සැපයීමට හැකි සමාගම්වලට ඉදිරිපත්විය හැකි බවත් ඔහු පවසයි.

පසුගිය 2021 ට අදාළ ටෙන්ඩරයට අනුව තවත් ගල්අඟුරු නැව් 23ක් මිලදී ගතහැකි බවද ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

මංගල සමරවීර, LTTE ඩයස්පොරාව සමග මෙල්රෝස් හෝටලයේ රහස් සාකච්ඡා !

colombotoday

එයිට් හන්ඞ්රඞ් චිත‍්‍රපටයෙන් ඉවත්වන්නැයි මුරලි සේතුපතිට කියයි

colombotoday

මොරටුව නගරාධිපතිගේ නිවසට ගිනි තියයි

colombotoday

මේ වසර තුන මම හිටියේ කම්පාවෙන්… සොබා දහම පවා යහපාලන රජයට ආශිර්වාද කරේ නෑ…

colombotoday

කැලණි විහාරයට හොරු පනී.. මිලකළ නොහැකි පෞරාණික බඩු තොගයක් පැහැරගනී…

colombotoday

දේවගැති ජෙරම්ට ඇප

Admin