Colombo Today Local News

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ CID කැදවයි.. අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

wasantha-karannagoda

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට අද (05) හා අනිද්දා (06) දිනයන්හිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ලිඛිතව දැනුම්දී ඇතැයි වාර්තා වේ. ඒ මහතාට මෙසේ පැමිණෙන ලෙස දන්වා ඇත්තේ B732 නැමැති පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමටය.

අදාළ පැමිණිල්ල, පසුගිය සමයේ කොළඹ නගරයේ පුද්ගලයින් එකොළොස් දෙනෙකු අතුරුදහන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරන ලද එකකි.

මේ පැමිණිල්ල සිදුකර ඇත්තේද හිටපු නාවික හමුදාපතිවරයා වන අතර, හිටපු හමුදාපතිවරයාව මේ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා ඇත්තේ වසර හතහමාරකට පසුවවීම විශේෂ සිද්ධියකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන්නාගොඩ මහතා අදාළ පැමිණිල්ල කර ඇත්තේ 2009 මැයි 28 වැනිදාය.

කෙසේවුවද, අදාළ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන නාවික හමුදා නිලධාරියකු වන ක්‍රිෂාන්ත වෙළගෙදර නැමැත්තා පසුගිය සැප්තැම්බර් 13 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති ප්‍රකාශයකට අනුව කරන්නාගොඩ මහතා අත්අඩංගුවට පත්වීමේ හැකියාවක් ඇති බවද මේ අතර වාර්තා වේ.

Related posts

කිලිනොච්චියෙන් කොටි බෝම්බ තොගයක් හමුවෙයි

colombotoday

පාර්ලිමේන්තුව 14 කැඳවූ පසු සිද්ධවෙන දේ කතා නායක කියයි

colombotoday

මාධ්‍ය නිදහස් දර්ශකයේ ලංකාවට හිමි අලුත්ම තැන…

colombotoday

මෝඩ බයියො ෆේස්බුක් එකේ මඩ ගහනවා.. මං කෝටියකට වැඩි ආධාර දුන්නා.. ආයිත් බයියන්ට ආණ්ඩුව දෙන්නෑ

colombotoday

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

colombotoday

කන්න 3කට පසු ගොවීන් ලක්ෂ 12කට අද සිට මඩ පොහොර

Admin