Colombo Today Local News

ජනපතිගේ විශේෂ ප්‍රකාශය

මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කළේය.

එහිදි ජනාධිපතිවරයා පවසා සිටියේ, රට නැවත ගොඩනැංවීමේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි වාරිකය අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් මීට සුළු වේලාවකට පෙර නිල වශයෙන් දැනුම් දුන් බවය.

“මම අද සභාව අමතන්නේ ලොකු සතුටකින්. දැන් අපි බංකොළොත් රාජ්‍යයක් කියන ලේබලය ගලවා ගැනීමට තීරණාත්මක පියවර අරන් තියෙන බව ඔවුන් පිළිගන්නවා. ඒ ගමනේ සංධිස්ථානයකට අපි පැමිණ ඇති බව ඔවුන් පැවසුවා. මේ අභිමානවත් ගමනට නායකත්වය ලබාදීමට හැකිවීම ගැන මා තුළ ඇත්තේ නිහතමානි සතුටක්. මම ගිය අවුරුද්දේ භාරගත්තේ බංකොළොත් රටක්. කිසිදු නායකයෙක් මේ බංකොළොත් රට භාරගන්න ඉදිරිපත් වුණේ නෑ. මේ අභියෝගය භාරගන්න හැමෝම බය වුණා. දැන් පාර්ලිමේන්තුව අමතන වීරයෝ කිසිවෙක්ට ඉස්සරහට එන්න ධෛර්යක් තිබුණේ නෑ.. මම ඒ අභියෝගය භාරගත්තා…”

Related posts

හම්බන්තොට-කොටුව අධිවේගී බස් සේවාව හෙටින් ඇරඹේ… ගාස්තු මෙන්න

colombotoday

ක්‍රියාවිරහිතව තිබූ පළමු යන්ත්‍රයෙන් විදුලිය නිෂ්පාදනය ඇරඹේ..

colombotoday

යාපනයේ ළදු කැළැවකින් මිලියන 13ක කේරළ ගංජා හමුවෙයි

Admin

පොලිස් අත්අඩංගුවේ සිටි අයෙක් මිය යයි.

colombotoday

රට රස්සාවට යන අයට සුබ ආරංචියක්, රක්ෂණය දෙගුණ කරන්න යයි

colombotoday

පූගොඩ උසාවිය අසල පිපිරීමක්..

colombotoday