Colombo Today Local News

“ලැජ්ජාවක් තියේ නම් ඉල්ලා අස්වෙන්න.. නැත්නම් නිවේදනයේ වගකීම ගන්න“ – රවීට අභියෝගයක්

නිවේදන නිකුත් කිරිම සම්බන්ධයෙන් රවී කරුණානායක මහතාගේ අවිධිමත් ක්‍රියාකලාපය පිළිබඳ ඔහුට සුළු හෝ ලැජ්ජාවක් පවතී නම් තම අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (02) පැවති ඒකබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා විසින් කරුණු 8 කින් යුතුව ප්‍රසිද්ධ නිවේදනයක් මුදල් අමාත්‍යාංශයේ නිවේදනයක් වශයෙන් ප්‍රසිද්ධියේ නිකුත් කර ඇති බවත් එහිදී මෙම බැඳුම්කර නිකුතුවට අජිත් නිවාඩ් කබ්රාල් හිටපු මහ බැංකු අධිපතිවරයා සහ හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ බව පවසා ඇති බවත් බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ය.

නමුත් එය මුදල් අමාත්‍යාංශයේ නිවේදනයක් නොවන බවත් එය මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා නිකුත් කර ඇති බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසා සිටින බැවින් එහි වගකීම සම්බන්ධයෙන් මේ වන විට අවිනිශ්චිත තත්ත්වයක් උදගත වී ඇති බව පැවසු මන්ත්‍රීවරයා කියා සිටියේ මුදල් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සිය තනතුර අතහැරිය යුතු බවයි.

Related posts

ජීවත්වීමේ අයිතිය ඉල්ලා වව්නියාවේ ගම්මාන 14ක සිංහල වැසියෝ වීදි බසී

colombotoday

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩිවීම ගැසට් කෙරේ

colombotoday

පාසල් පළමු වාරය අදින් අවසන්

Admin

බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට දෙවැනි නඩුවෙනුත් ඇප

colombotoday

වික්ටෝරියා ජලාශය ආසන්නයේ නව භූ කම්පන මාන 10ක්

colombotoday

අගමැති දුන් වෙඩි නොවදින රථය ප්‍රතික්ෂේප කළ හේතුව කාදිනල්තුමන් කියයි…

colombotoday