Colombo Today Local News

වික්ටෝරියා ජලාශය ආසන්නයේ නව භූ කම්පන මාන 10ක්

වික්ටෝරියා ජලාශය ආසන්න ප්‍රදේශවල නව භූ කම්පන මාන 10 ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනිම් කාර්යාංශය පවසයි.

එහි සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ, ජර්මනියෙන් එම උපකරණ ලැබුණු බවයි.

එම භූ කම්පන මාන සවිකිරීමෙන් අනතුරුව දැනට වික්ටෝරියා ජලාශය ආසන්නයේ සිදුවන භු කම්පනවල තත්ත්වය හොඳින් නිශ්චය කිරීමට හැකියාව ලැබෙන බව සභාපතිවරයා සඳහන් කළේ ය.

දැනට තිබෙන තත්ත්වය අනුව සිදුවන භූ කම්පනවල නිසි තොරතුරු දැන ගැනීමට නොහැකි බව ඔහු පැවසීය.

මහකනදරාව, පල්ලෙකැලේ, බුද්ධංගල හා හක්මන යන ස්ථානවල දැනට භූ කම්පනමාන සවිකර තිබේ.

පසුගිය කාලයේ විවිධ අවස්ථාවලදී වික්ටෝරියා ජලාශය ආසන්නයේ සුළු භූ කම්පන ඇති විය.

Related posts

“පළාත් සභා ඡන්දය අවුරුද්දකින් කල් දැම්මා” – අගමැති

colombotoday

ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු ඉහළට

Admin

හොඳම උපකල්පනයට අනුව විදුලි ගාස්තු සියයට 65 කින් ඉහළට

Admin

රජයේ රෝහල් වල CT ස්කෑන් යන්ත්‍රවලින් 10 ක් අක්‍රියයි

Admin

ඉස්ලාමීය රාජ්‍යය(ISIS) ත්‍රස්ත නායකයා ශ්‍රී ලංකාවේ මෙහෙයුම්වල. | එක්සත් ජාතින් අනතුරු අඟවයි

colombotoday

IOC තවත් බාල ඉන්ධන තොගයක් ගෙන්වයි.. පළමු පරීක්ෂණයෙන් අසමත්

colombotoday