Colombo Today Local News

2021 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය අරඹයි

2021 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය ආරම්භ කර තිබේ.

එහෙත් මෙවර ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන පත්‍රිකා නිවෙස් වෙත යැවීමක් සිදු කරන්නේ නැත.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන මෙවර අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියා විසින් ඡන්ද හිමියන්ගේ නවතම දත්ත ගෙන තොරතුරු ලේඛන යාවත්කාලීන කරන බවය.

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය අගෝස්තු මාසයේ අවසන් වේ.

එහෙත් කොරෝනා ව්‍යාප්තියත් සමග එම කටයුතු ප්‍රමාද විය හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

Related posts

රුමේනියා රැකියා ජාවාරමේ ඉතාලි ජාතිකයා ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ්

Admin

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වේ.

Admin

යාපනයේ තියුණු ආයුධ වලින් පහර දීමක් ආවා කල්ලියදැයි සැක

colombotoday

බැසිල්ට උඩින් යන්න දිවි නැඟුමේ කෝටි 15ක්

colombotoday

නඩු 17කට වරෙන්තු නිකුත් වූ සැකකරුවෙක් අත්අඩංගුවට

Admin

ප්‍රදේශ කිහිපයකට ගිඟුරුම් සහිත වැසි – අනතුරු අවම කර ගැනීමට පියවර ගන්න

colombotoday