Colombo Today Local News

ප්‍රියන්ත කුමාරගේ දේහයේ කොටස් නිවසට රැගෙන එයි

පකිස්ථානයේ සියල්කොට්හි කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අවශේෂ කොටස් අද (07) අලුයම ගනේමුල්ලේ පිහිටි නිවසට රැගෙන ආවේ ය.

ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුරු කොටස් ඊයේ පස්වරු 5.00 ට පමණ දිවයිනට රැගෙන අවේ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකිනි.

දිවයිනට රැගෙන ආ සිරුරු කොටස් පසුව පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මීගමුව මහ රෝහල වෙත රැගෙන ගියේ ය.

පකිස්ථානයේ සියල්කොට්හී වසිරාබාද් මාර්ගයේදී ප්‍රියන්ත කුමාර මහතා ඝාතනයට ලක්වූයේ, පසුගිය සිකුරාදායි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය ලද 48 හැවිරිදි දෙදරු පියෙකු වූ ප්‍රියන්ත කුමාර මහතා පකිස්ථානයට ගොස් තිබුණේ, මීට වසර 11 කට පෙරදී ය.

ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුර කොටස් හෙට (08) ගනේමුල්ල පොල්හේන පොදු සුසාන භූමියේ තැන්පත් කරන බව පවුලේ ඥාතීහු පැවසූහ.

Related posts

බෝම්බ ලොරියක් ගැන තොරතුරු… ආරක්ෂාව දෙගුණ කරයි…

colombotoday

අම්පාරේ නිවසකින් මරාගෙන මැරෙන ඇඳුම් කොටස් සොයාගනී

colombotoday

දැයට අහිමි කර දහතුන් වසරයි… දැයම අඳුරුයි… හිමියනේ මේ පුනරාගමනයට කාලයයි

colombotoday

දුමින්දට පාර්ලිමේන්තුව එපා වෙයි

colombotoday

අද සිට ලැබෙන බදු සහන මෙන්න

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ මැතිවරණ සටන අනුරපුරෙන් අරඹයි

colombotoday