Colombo Today Local News

උප්පැන්න සහතිකය නිකුත් කිරීමේ වෙනසක්

උප්පැන්න සහතිකය නිකුත් කරන විට එයට තවත් වෙනසක් කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව “ශ්‍රී ලංකා අනන්‍යතා අංකය” උප්පැන්න සහතිකයට ඇතුළත් කිරීමට ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍යවරු විසින් අනුමත කර තිබේ.

ශ්‍රී ලංකාවේ උපදින ඕනෑම දරුවෙකු උපතේදී ලියාපදිංචි කර එම දරුවාට ජාතික උප්පැන්න සහතිකය නිකුත් කිරීමේ බලය “උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ පනත” අනුව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත.

වයස අවුරුදු 15 සපිරුණු පුද්ගලයින්ට ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.

2008 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ විධිවිධාන (ශ්‍රී ලංකා අනන්‍යතා අංක) නියෝග අනුව සෑම ශ්‍රී ලංකා පුරවැසියෙක් සඳහා ම ශ්‍රී ලංකා අනන්‍යතා අංකය නිකුත්කිරීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට බලය පවරා ඇත.

එකම අනන්‍යතා අංකයක් භාවිත කිරීම මගින් උපතේ සිට මරණය දක්වා සිදුකරන ක්‍රියාකාරකම්වලදී සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයෙන් සේවාවන් ලබාගැනීමේදී එම කටයුතු පහසුවෙන් සහ කාර්යක්ෂමව ඉටුකර ගැනීමට ජනතාවට අවස්ථාව ලැබෙන බව එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙයි.

ඒ අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතිය හරහා මාර්ගගතව ශ්‍රී ලංකා අනන්‍යතා අංකය රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට නිකුත් කිරීමට නියමිතය.

අනතුරුව එකී අංකය ඇතුළත් කරමින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී උප්පැන්න සහතිකය නිකුත් කිරීමට කටයුතු කෙරේ.

Related posts

නාවික හමුදා භාරයේ තිබූ ඉරනතිව් දූපත පිරිසක් බලහත්කාරයෙන් අල්ලා ගනී

colombotoday

තරුණ කටයුතු සාගලට.. ඩිජිටල් ඇමතිට විදේශ රැකියා – කැබිනට් ඇනිල්ලේ අලුත් තනතුරු මෙන්න

colombotoday

ජූලි 1 සිට මැදපෙරදිග රටවල් 6 කින් මෙරටට ගොඩ බැසීම තහනම්

colombotoday

ධීවර කැබිනට් ඇමති සහ රාජ්‍ය ඇමති එළිපිට ගැටෙයි.. “වෙදආරච්චිව සත පහකට විශ්වාස නෑ” – මහින්ද කියයි

colombotoday

ඇමති රාජිත ඇවන් ගාඩ් එකෙන් ගත්ත මිලියන 5 ආපසු යවයි (Audio)

colombotoday

ඇමති කංචන විදුලි කපන බවට බිය පතුරුවා ගාස්තු ඉහළ දැමීමේ සූදානමක – විදුලි සේවක බෝනස් නවතී

Admin