Colombo Today Local News

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී සිදුකල මගඩි රැසක් එලියට

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අනාවරණය වී තිබේ.

මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනයට පමණක් රුපියල් බිලියන 1.7 කට වැඩි මුදලක් වැය වී ඇති බව අනාවරණය වී ඇත.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර එහිදී මෙම අනාවරණයන් සිදුව තිබේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා පළමු කොටසේ වැඩ කටයුතු ආරම්භ වීම 2015 සිට 2019 දක්වා ප්‍රමාද වීම නිසා රුපියල් බිලිය 8ක මූල්‍ය අලාභයක් සිදුව ඇති බව එහිදී අනාවරණය වී ඇත.

ශක්‍යතා අධ්‍යයනය සඳහා සමාගම තෝරාගැනීම ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව සිදුව ඇති බව අනාවරණය වී ඇති අතර 2012 දී උතුරු අධිවේගී මාර්ගය ලෙස පියවර 3 ක් යටතේ පැවති ව්‍යාපෘතිය 2015 වර්ෂය වන විට මධ්‍යම අධිවේගී මාර්ගය ලෙස පියවර 4 ක් යටතේ වෙනස් වී තිබේ.

මෙලෙස මුල් ව්‍යාපෘතිය වෙනස් වීම නිසා සිදුවූ මූල්‍ය අලාභය පිළිබඳ වාර්තාවක් වහාම ලබාදෙන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කරනු ලැබීය.

තවද මධ්‍යම අධිවේගී මාර්ගයේ වර්තමාන තත්ත්වය කෝප් සභාපතිවරයා විමසූ අතර එහිදී අනාවරණය වී ඇත්තේ කඩවත – මීරිගම කොටසේ වැඩ කටයුතු සියයට 5 ක ප්‍රමාණයක අවසන් වී ඇති බවය.

මීරිගම සිට කුරුණෑගල දක්වා සියයට 75 ක් වැඩ කටයුතු අවසන් වී ඇති අතර එම කොටසේ ඉදිකිරීම් ලබන වසරේ ජුනි මාසය වන විට අවසන් කළ හැකි බව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබේ.

Related posts

විද්‍යා ඝාතන නඩුවේ තීන්දුව අද.. අධිකරණය අවට ආරක්ෂාව දැඩි කරයි !

colombotoday

වෘත්තිය සමිති රැසක රජයේ විධායක නිලධාරීන් සංඛේත වර්ජනයක්

colombotoday

සිය වරක්‌ සිරගත කළත් ජාතික වගකීම අත්හරින්නේ නෑ – ගලගොඩඅත්තේ ඥනසාර හිමි

colombotoday

පොඩි ලැසී ගේ මව අත්අඩංගුවට

colombotoday

ආර්ථික බංකොළොත් වෙන්න හේතු අහන්න කබ්රාල් කැඳවයි

Admin

ඊ නිව්ස් සදරුවන් බේරාගන්න ආණ්ඩුහිතවාදී වෙබ් මාධ්‍ය මෙහෙයුමක්.. නීතියටත් අභියෝග කරයි !

colombotoday