Colombo Today Local News

මේජර් ජෙනරල් විකුම් ලියනගේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 59 වන මාණ්ඩලික ප්‍රධානි ධූරයට මේජර් ජෙනරාල් එච්.එල්.වී.එම්. ලියනගේ මහතා අද (07) දින පත්කර තිබේ.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ මෙන්ම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇත.

ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් විකුම් ලියනගේ එම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක ධූරය දැරුවේය

58 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස රාජකාරි ඉටුකළ මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරාල් විකුම් ලියනගේ එම ධූරයට පත්කෙරිණි.

Related posts

පළාගිය රැඳවියන් සියලුදෙනා අල්ලයි

Admin

මාලිමාකාරයෝ සතොසට යන්නේ ෆේස්මාස්ක් දාගෙන

Admin

බදුල්ලේ වැඩිම මනාප නිමල් සිරිපාලට

colombotoday

සුනාමි ඛේදවාචකයට වසර 16යි

colombotoday

පාස්කු ඝාතක ඊබ්‍රහිම් සොහොයුරන්ගේ පියා වන, ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක ඊබ්‍රහිම්ට ඇප.

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ ප්‍රශ්නය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ඉල්ලා අස්වෙයි?

colombotoday