Colombo Today Local News

මෛත්‍රී-චන්ද්‍රිකා මූහුණට මුහුණ හමුවෙයි… කතා නොකරම යන්න යයි…

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර හමුවක් අද (08දා) සිදුවුණා.  ඒ ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 120 වැනි ජන්ම දින සැමරුවේදීය.

කොළඹ ගාලුමුවදොර පිටියේ පවතින බණ්ඩාරනායක මහතාගේ පිළිරුව අභියසදී මෙම උත්සවය  පැවැත්වුණි. මෙහිදී පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්විය. 

ඔහු වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවෙයි. මෙම අවස්ථාවට බණ්ඩාරනායක මහතාගේ දියණියක් වන හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පවුලේ උදවියද එක්ව සිටියහ.

කෙසේ වෙතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර අදහස් හුවමාරුවක් සිදුනොවුණි. පිළිරුවට පුෂ්පෝපහාර දැක්විමෙන් අනතුරුව ජනපතිවරයා එම ස්ථානයෙන් නික්ම ගියේය.

Related posts

ලංගම බස් රියදුරෙකු කොන්දොස්තරවරයා මරා දාලා

Admin

පාඨලී ගේ රියදුරුට එරෙහිව වරෙන්තු නිකුත් කෙරේ

colombotoday

‘දෙමළ ජනතාවගේ ආරක්ෂකයා‘ ලෙස නම් කරයි… සුමන්තිරන්ට උතුරේදී හරසර…

colombotoday

කොළඹ හිටපු අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් ස්වර්ගස්ථ වෙයි

Admin

ඇමති විජේදාසට එරෙහිව එජාපයෙන් කැරැල්ලක්.. ඇමතිකමෙන් ඉවත් කරන්නැයි ඉල්ලයි !

colombotoday

ඩුබායි සුද්දා අධිකරණයට

Admin