Colombo Today Local News

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සඳුදා සිට යළි ක්‍රියාත්මකයි

එළඹෙන සඳුදා සිට බස්නාහිර පළාතේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සහ රථවාහන මංතීරු නීතිය යළි ක්‍රියාත්මක කරන බව කොළඹ නාගරික රථවාහන කොට්ඨාශය පවසයි.

දැනට ගාලු පාරේ මොරටුව සිට ඕල්කට් මාවත දක්වා පමණක් මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කෙරෙන බව නාගරික රථවාහන කොට්ඨාශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

ඒ අනුව උදෑසන 0.600 සිට 9.00 දක්වාත් පස්වරු 04.00 සිට රාත්‍රී 07.00 දක්වාත් මෙම නීතිය ක්‍රියාත්මක වෙයි.

සෙසු මාර්ගවල බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ඉදිරියේදී අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කෙරෙන බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මීට පෙර බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක වූ අතර එම මංතීරුවේ ධාවනය කිරීමට හැකියාව පැවතුණේ පෞද්ගලික බස්රථ සඳහා පමණයි.

කෙසේවෙතත් නව ක්‍රමවේදය ඔස්සේ කාර්යාල ප්‍රවාහන පහසුකම් සලසන බස් සහ වෑන් සඳහා ද මෙම මංතීරුවේ ධාවනය කිරීමට හැකියාව පවතින බව සඳහන්ය.

Related posts

රටපුරා අත්‍යවශ්‍ය ඖෂධවර්ගවල දැඩි හිඟයක්

colombotoday

ඊයේ ඇරඹු ලංගම වර්ජනය අවසන්

colombotoday

වෛද්‍ය පැතුම් කර්නර්ට ඇප

colombotoday

ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා ගැන චීනයේ ප්‍රතිචාරය

colombotoday

ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කැමතියි

colombotoday

ශ්‍රීයානි විජේවික්‍රම ඒකාබද්ධයෙන් ගියා නෙවෙයි, යැව්වා !!

colombotoday