Colombo Today Local News

මහජන පෙත්සම් කාරක සභාවේ සභාපති ධූරය යළිත් ජගත් පුෂ්පකුමාරට

නව වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභා වාරයේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා යළි තේරී පත්ව ඇත.

ජගත් පුෂ්පකුමාර මහතාගේ නම යෝජනා කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා විසින් වන අතර එය ස්ථිර කරන ලද්දේ වඩිවේල් සුරේෂ් මහතා විසින්.

ජගත් පුෂ්පකුමාර මහතා නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාර‍යේදීද මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 (1) අනුව පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව විසින් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව සඳහා සාමාජිකයන්ද පසුගියදා පත් කෙරුණා.

ඒ අනුව ඒ අනුව, ඉම්තියාස් බාකීර් මාකර් ,පියංකර ජයරත්න , දිලිප් වෙදආරච්චි ,වඩිවේල් සුරේෂ් , එස්. වියාලේන්ද්‍රන්, අශෝක ප්‍රියන්ත , අරවින්ද් කුමාර් ,ගීතා සමන්මලී කුමාරසිංහ , බී. වයි. ජී. රත්නසේකර , සාරතී දුෂ්මන්ත, ගෝවින්දන් කරුණාකරම් , ජයන්ත කැටගොඩ ,මොහමඩ් මුසම්මිල් ,තුෂාර ඉඳුනිල් අමරසේන ,වේලු කුමාර් , වරුණ ලියනගේ , යූ. කේ. සුමිත් උඩුකුඹුර, මායාදුන්න චින්තක අමල්, නිපුණ රණවක, ගාමිණී වලේබොඩ, රාජිකා වික්‍රමසිංහ ,සහ එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන යන මන්ත්‍රීවරයන් සහ මන්ත්‍රීවරියන් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සෙසු සාමාජිකයන් ලෙස පත් කොට තිබෙයි.

Related posts

මල් වඩම් අනවශ්‍යයි… ශ්‍රීලනිපය සමාදානයෙන් සැතපේවා…

colombotoday

යුද හමුදාවේ තවත් නිලධාරීන් තුනක් ජිනීවා යුද අපරාධ චෝදනා ලයිස්තුවට…

colombotoday

අක්‍රමවත් මාර්ග අලුත්වැඩියාව ගුවන් හමුදා සෙබළෙකුගේ දිවි තොර කරයි.

colombotoday

“මේ හැම ප්‍රශ්නයකටම මුල ජාතියට නායකයෙක් නොමැතිවීමයි” – ඥාණසාර හිමි

colombotoday

මෝදිගෙන් ගෝඨාභයට සුබ පැතුම්

colombotoday

සෑම දිස්ත්‍රික්කයකම ආදර්ශ කෘෂි ගම්මානයක්

colombotoday