Colombo Today Local News

සෑම දිස්ත්‍රික්කයකම ආදර්ශ කෘෂි ගම්මානයක්

සෑම දිස්ත්‍රික්කයකම ආදර්ශ කෘෂි ගම්මානයක් පිහිටුවා ඒවායේ වැඩ කටයුතු සඳහා දිස්ත්‍රික්කයකින් තරුණ තරුණියන් සියය බැගින් බඳවා ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

නවීන තාක්ෂණය යොදා ගනිමින් මෙරටට අවශ්‍ය ආහාර බෝග මෙම තරුණ කෘෂි ගම්මානවල වගා කිරීමට අපේක්ෂිත බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කියයි..

මෙම ව්‍යපෘතිය සඳහා 2022 වර්ෂයේ රුපියල් මිලියන 600ක් වෙන් කර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවසුයේ ජාතික කෘෂි නිෂ්පාදන ඉහළ නංවා ගැනීමේ අරමුණ ඇතිව පවුල් සියයට වඩා පදිංචි ග්‍රාම නිලධාරි වසම් දෙක බැගින් දිස්ත්‍රික් මට්ටමින් තෝරාගෙන කෘෂි නිෂ්පාදන ආර්ථික රටාවක් එම ගම්මාන වල ස්ථාපිත කිරිම කෘෂිකර්ම අමාත්‍යාංශයේ අපේක්ෂාව බවයි.

Related posts

දූෂණ ලයිස්තුවේ අංක 9 ට රාජිත.. පිළිකා ඖෂධ වලින් සුපිරි ගැහිල්ලක් ගැන චෝදනා !!

colombotoday

ඇමරිකානු යෝජනාවෙන් ඉවත් වන බවට ලක් රජය ජනීවා සමුළුවට නිළ වශයෙන් දැනුම් දෙයි !

colombotoday

ෂාෆිගෙන් හෙළිවුණු ගර්බාෂ යුද්ධය සහ, සිංහල වාර්ගික සංහාරය !

colombotoday

බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 175ක ඉලක්කයක්

Admin

සංචාරක ආයතනවලට සහනයක්

colombotoday

කතානායකට කුණු කූඩෙකින් ගහලා..

colombotoday