Colombo Today Local News

පළමු වාරයේ පාසල් නිවාඩුව එළඹෙන 4 දා සිට

2022 පෙබරවාරි 07 දින සිට මාර්තු මස 05 වැනි දින තෙක් පැවැත්වෙන 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග කාල සීමාව ආවරණය වන පරිදි එළඹෙන 04 වැනි දින සිට මාර්තු මස 06 වැනිදා තෙක් පාසල් නිවාඩු ලබාදීමට තීරණය කර අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහෙත් විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දී ප්‍රාථමික ශ්‍රේණි හා ප්‍රාථමික පාසල් සඳහා නිවාඩු ලබානොදෙන බව නිවේදනයේ සඳහන් වෙයි.

නමුත්, විභාග වාතාවරණය පවත්වාගෙන යාමට බාධාකාරී පාසලක් වේ නම්, අදාළ විදුහල්පතිවරුන් විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මගින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර නිවාඩු ලබාගත යුතු බවත් එවැනි පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි සඳහා නිවාඩු ලබාදීමට පළාත් පාලන අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත බලය පවරන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

එම කාලය තුළ එවැනි පාසල් සඳහා අදාළ පැවරුම් නිර්දේශ කොට, ඉගෙනුම් ක්‍රමවේද යොදා ගන්නා ලෙසට ද එම නිවේදනයේ දැක්වේ.

Related posts

මුදල් පනතක් පරාජය නොවී ආණ්ඩුව 99න් බේරෙයි

colombotoday

සමාජ මාධ්‍යට වෙන්න යන දේ…

colombotoday

වාහන මිල අඩු කරන්නේ නෑ… බදු අඩු කරන්නෙත් නෑ… රවී ස්ථීරවම කියයි

colombotoday

ලිට්‍රෝ සමාගම ගෑස් ගන්න ලෝක බැංකුව සමග ගිවිසුමකට එයි

colombotoday

කොකු චමින්ද හෙරොයින් සමග අල්ලයි

colombotoday

ගෝඨාභයගේ හොරු නොපනින පොල්වත්ත හා අඩියක් දිග මිනී මෝරු

colombotoday